2014-03-02

XP භාවිතාව පෙබරවාරියේ මදක් ඉහලට...

  Net Applications වෙතින් නිකුත්වන නවතම වාර්ථාවක් පවසන්නේ Windows XP භාවිතාවේ මද වර්ධනයක් ගෙවීගිය ජනවාරි මාසය හා සැසදීමේදී පෙබරවාරි වලදී දක්නට ලැබෙන බවයි. එනම් 2014 ජනවාරි මාසය වන විට XP වල භාවිතාව 29.30ක් ලෙසට වාර්ථා වූ මුත් පෙබරවාරි වන විට එය 29.53ක් ලෙසට දැක්වෙන ලෙසටයි. එලබෙන අප්‍රේල් 8 වන විට ආයතනික සහයෙන් ඉවත්වන XP සංස්කරනය වෙතින් භාවිතාකරන්නන් ඉවත්කර ගන්නට මයික්‍රසොෆ්ට් වෙතින් යෙදෙන මහත් වෑයම තවමත් එතරම් පල ලබා නැති බව හැගවෙන ආකාරයේ මෙම තොරතුරු පිලිබදව හදාරන්නන් විමතිය පල කොට සිටින බවටයි දැක්වෙන්නේ. මෙහෙයුම් පද්ධති කෙරෙහි භාවිතාකරන්නන්ගේ නිද්‍රාශීලී අවධානය පැහැදිලි කෙරෙන එම තොරතුරු සටහනේ පැවසෙන තොරතුරු වැඩි දුරටත් හෙලි කොට සිටින්නේ Windows 8 වෙතට නොමිලේ පැමින ඇති wondows 8.1 යාවත්කාලීනය සදහා ප්‍රතිචාර දැක්වීමද අවම මට්ටමක වන බවයි. එනම් windows 8.1 වෙතට පැමිනීමද 2014 ජනවාරියේ වාර්ථාවූ 3,92%  ගනනය වීම පෙබරවාරි වනවිට ඉහල ගොස් ඇත්තේ 4,30% තරම් අඩුම ප්‍රථිශතයකින් වීමය. මීට අමතරව වින්ඩොස් 8 භාවිතාව ජනවාරි හා පෙබරවාරි අතර ගනනය වීම් පිලිවලින් 6.62% සිට 6.38% දක්වා අඩුවීමක් පෙනවන අතර වින්ඩෝස් 7 වල භාවිතාව පෙරකී දෙමාසය තුල වෙනස -.015%කින් වාර්ථා වනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...