2014-03-10

Windows phone 8.1 වල Wi-Fi හැකියාව ගැන තොරතුරු හෙලි වෙයි...

  Windows phone 8.1 වල SDK සංස්කරනයක් සංවර්ධකයන් වෙතට මුලින්ම නිකුත් වනු ලැබුවේ පසුගිය පෙබරවාරි වලදීය. අනතුරුව නොයෙකුත් ආකාරයේ තොරතුරු අන්තර්ජාලය වෙතට පැමිනීමට පටන්ගත් අතර පැමින ඇති නවතම තොරතුරක් පවසන්නේ එහි Wi-Fi හැකියාව පිලිබදවය. එයින් පැහැදිලි වන්නේ නව සංස්කරනය සමග භාවිතාකරන්නෙකුට Wi-Fi හැකියාව පැයකට , පැය හතරකට හෝ දිනයක් දක්වා කාල පරාසයක් පහසුවෙන් තාවකාලිකව නතර කර දමන්නට හැකියාව් ලැබෙන්නේ manual ආකාරයට අමතරවය. එසේම භාවිතාකරන්නන් නිතරම පිවිසෙන Wi-Fi ජාලවල අවසර පද ස්වංක්‍රීයව මතක තබා ගැනීමේ හැකියාව ලැබෙන අතර නැවත වරක් එම ජාලාවන් හමුවන විටදී ස්වංක්‍රීයව ඒව හදුන අගෙන ඒවාවෙතට පිවිසීමේ හැකියාව වන බවටයි පැවසෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නෙකුට තමන් භාවිතාකරමින්සිටින Wi-Fi ජාලයන් පිලිබදව තොරතුරු අනෙකුත් හිතවතුන් සමග  Outlook.com, Skype හෝ Facebook වල සබදතා ඔස්සේ බෙදා හදා ගැනීමේ පහසුව පවතින අතර එම දුරකථන  මෙම hotspots හදුනා ගනිමින් පහසුවෙන් ඒවාට පිවිසීමේ හැකියාව භාවිතාකරන්නා වෙතට ගෙන එන බවටයි දැක්වෙන්නේ. තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය තම Windows phone 8.1 නිල ලෙසට නිවේදනය කර නැති අතර එලබෙන අප්‍රේල්වලදී එය සිදුවෙනු ඇති බවටයි බලාපොරොතුව වන්නේ.

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉද...