2014-03-03

Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

  Samsung ආයතනය පසුගියදා තම  Galaxy S5  නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය  eight-core Exynos processor හා 2K resolution සහිත  AMOLED display සහිතව ලෝහ ආවරනයකින් සමන්විතව පැමිනෙනු ඇති බවයි. “Project F” නම් ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය වන මෙම දුරක්ථනය Galaxy S හා Galaxy Note අතරවන අවකාශය සපුරන දිගුකාලීන භාවිතයකට ගැලපෙන උසස් නිමාවක් ‍රැගෙන එන්නක් බවටයි වාර්ථා වන්නේ. මෙම ව්‍යාපෘතියද S  හා Note නිකූතුන් නිර්මානයට දායකවූ කන්ඩායමම විසින් නිමවමින් සිටින බවටයි  සටහන් වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ metal ආකාරයේ බඳක් සහිතව s හා Galaxy Note ආකාරයේ විශාල ප්‍රමානයෙන් උපාංග නිකුතුවකට වන අපහසුව ද හේතුවක් ව ඇති නිසා මෙම premium  මට්ටමේ S5 දුරකථනය සීමිත ප්‍රමානයකින් නිකුත්වන්නට නියමිත බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...