2014-03-07

IE 9 හා 10 සදහා ස්තීර යවත්කාලීන නිකුත්වන්නට නියමිතය...

  පසුගිය පෙබරවාරි මැද භාගයේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හා 10 වල හදුනාගත් දුර්වලතාවය සදහා මෙම මස සුපුරුදු මාසික යාවත්කාලීනය සමග ස්තීර පිලිසකරයක් නිකුත්වන බවටයි මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ. මෙවර යවත්කාලීන ගොනුව සමග Windows, IE හා  Silverlight වල හඳුනාගෙන ඇති දුර්වලතා සදහාද යාවත්කාලීනයන් පැමිනෙන බවටයි සදහන් වන්නේ. පෙරකී බ්‍රවුසර දෙකෙහි දුර්වලතාවය සදහා මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙර "Fix it"  ආකාරයේ පිලිසකරයක් නිකුත්කරන ලද අතර එය භාවිතාකරන්නා විසින් ලබාගත යුතු ආකාරයේ එකක් වූවා. ආයතනය පවසන්නේ මෙවර නිකුත්වන පිලිසකරය ස්ථීර හා යාවත්කාලීන විවෘතව තබන පරිගණක සදහා ස්වංක්‍රීයව පැමිනෙන ආකාරයේ පිලිසකරයක් වන බවයි. මෙවර යාවත්කලීන ගොනුව ආරක්ශක යාවත්කාලීනයන් පහකින් සමන්විත වන අතර එයින් දෙකක් "Critical" ආකාරයේ වනු ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ. ඉන් එකක් Silverlight media player සදහා වන අතර අනෙක් යවත්කාලීන දෙක "Important" මට්ටමේ වන බවයි පැවසෙන්නේ. Windows XP සදහා නිකුත්වන අවසාන යවත්කාලීනද මෙම ගොනුව වන අතර එලබෙන අප්‍රේල් 8 එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය දැක්වීම මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙසට අවසන් වන්නට නියමිතව පවතිනවා.

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉද...