2014-03-13

නොමිළේ බෙදා හැරෙන පරිගණක තොරතුරු ගොනුවක පලමු කලාපය දැන් ලබා ගත හැක......

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට වන්නට වන තොරතුරු ගොනුවකට උත්සාහ කරන්නට ලැබීමම සිත ප්‍රබෝධමත් කරවන අත්දැකීමකි.
              සරලව පහදන්නේ නම් "Windows" යනු මයික්‍රසොෆ්ට් ආයතනය සතු වෙළඳ භාන්ඩයක් වුවද මදක් දුරට ගොස් බලන විට මිනිස් අප අත්පත් කරගත් තීරනාත්මකව මිනිස් ගමන් මගට මැදිහත් වන ගොඩ නැගීමකි. එය සංගීත කාන්ඩයක් අසන ආකාරයේ සිට ඉතා තීර්නාත්මක ගනනයක් ක්ශනිකව කරදීම දක්වා බොහෝ දුරට දිවෙන්නෙකි. මිනිස් දිවිය තීර්නාත්මක්ව වෙනස් කල මැදිහත්වීමක්ය. එය හැගීම්බර  වචන රටාවක් ඔස්සේ පහදන්නේ නම් සුවදවත් , නෙත්කලු කුසුම සුපිපුනේ ඔබගේ ගෙවත්තේ වුවද රස විඳින්නෙකුට එදෙස බලන විට ගෙවත්ත වටා ඇති කම්බි වැට ඉක්මවා යන්නට හැකිවීම වැනි අත්දැකීමකි.
                          මෙම විෂයන් සමග ගැබුරින් වන දේශපාලනික , ආර්ථික ආධිපත්‍යයන්  අමතකකර  දැමෙන්නට තරම් හැගීම් බර නොවිය යුතු මුත් ජාතියක් ලෙසට එවා අත්පත්කර ගන්නටනම් වෛරී ගෝත්‍රික ප්‍රතික්ශේප කිරීම් වලින් පමනක් නොහැකි වනු ඇත. ගෞරවනීය මෙන්ම විවෘත බුද්ධියකින් ඒවා වෙතට සමීපව හදාරමින් එම විෂයන් ඉදිරියට තල්ලුකල හැකි හෙට දවසක් සදහා සූදානම් වීමෙන් පමනක් එය කල හැකිවෙනු ඇති බව මම සිතමි.
https://drive.google.com/file/d/0B3GVZV_G6GcvQW9sZ041QnJFZGM/edit?usp=sharing

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...