2014-02-23

windows phone 8.1 සමග එන Cortana වාචික සහය අංගය

  වඩාත් පහසු හා නම්‍ය ලෙසට භාවිතාකරන්නා සමග කටයුතු කරන තොරතුරු උපාංගයක් සදහා ප්‍රධාන මට්ටමේ තොරතුරු උපාංග නිෂ්පාදකයින් අතර ඇත්තේ මහත් තරගයකි. Microsoft සමාගම තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය වන windows 8.1 සමග සමන්විතකර එවන්නට සූදානම් වන features අතර Cortana නම් personal digital assistant පිලිබදව තොරතුරු හෙලි වන්නට පටන් ගත්තේ එම යවත්කාලීනයේ development kit එකක නොනිලව ප්‍රසිද්ධවීමත් සමගය. තම තරගකාර සගයන් සමග එනම් iOS හා Android වෙතට තරගයක් ගෙනෙන්නට Microsoft සමාගම ගෙනෙන්නට සැලසුම් කොට ඇති අංග අතර එය ප්‍රධාන තැනක් ගෙන තිබේ. මෙම Cortana පහසුව සමග භාවිතාකරන්නෙකුට පහසුවෙන් වාචික ආකාරයට තම දුරකථනය සමග කටයුතු කරන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කොට සිටින්නේ. Notebook feature එකක් ලෙසට හදුන්වන මෙම හැකියාවත් සමග අවසර ලබා දෙන මට්ටම දක්වා 
 දුරකථනයේ ඇති location data, behaviors, personal information, reminders හා contact information තොරතුරුද ඇසුරු කරමින් භාවිතාකරන්නා සමග වාචික ආකාරයට කටයුතු කරන්නට එය කටයුතු කරනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.
       නවතම තොරතුරු වලට අනූව පැවසෙන්නේ මෙම පහසුව මුලින්ම ඇමරිකාව තුල පමනක් භාවිතාවීමට ඉඩ ඇති බවට වූ තොරතුරු නිවැරදි නොවන බවයි. එනම් මෙම පහසුව එහි සම්පූර්න හැකියාව සමග භාශා 15කින් පමන පැමිනෙන්නට නියමිත බවයි. මෙම නිකුතුව එල බෙන අප්‍රේල් මාසයේදී  BUILD conference වල දී නිවේදනය වීමට නියමිත අතර හදාරන්නන් පවසන්නේ ඊට පෙර තවත් සිත්ගන්නා තොරතුරු රාශියක් ප්‍රසිද්ධියට පැමිනෙනු ඇති බවය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...