2014-02-13

Windows මත Android app ධාවනය වන හෙට දවසක්!!!!

  Microsoft තම තරගකාර සගයා සමග එකගවීමේ නව ක්‍රම උපායකට එලබෙමින් ඇති බව පැතිරයන නවතම නොනිල තොරතුරක් වෙමින් ඇත. එනම් Android apps තම Windows හා Windows Phone වල ධාවනයට ඉඩ සැලසීමට ඇති හැකියාව මේ දිනවල හදාරමින් සිටින බවටයි. තොරතුරු ලොව ප්‍රකටතම මාධ්‍ය ආයතනයක් මේ බව හෙලි කරමින් පවසා සිටින්නේ Mayikrasoft වල විධායක මට්ටමේන් මේ පිලිබදව විමසෙමින් ඇති බවයි. විෂේශයින්ම එවැනි පියවරක් ඔස්සේ Microsoft වෙතට ලැබෙන වාසිදායක බව කොතරම්ද යන්න ඔවුනගේ වැඩිම අවධානයක් දිනා ගත් කරුනක් බවටයි එම ආයතනය හෙලිකර සිටින්නේ. ඔවුන් අතරින් කොටසක් Android app සදහා Windows හා Windows Phone Stores වල දොර විවර කිරීමට එකග වෙමින් ඇති අතර තවත් කොටසකගේ අදහස එවැනි පියවරක් Windows platform වල අවසානය ඇරබුමක් ලෙසට නම් කරමින් සිටින බවට හෙලිකර සිටිනවා.
                පසුගිය ජනවාරියේ Intel ආයතනය Dual OS කථිකාවක් තොරතුරු ලෝකයට ගෙනෙන්නට කටයුතු කල අතර ඔවුන් පැහැදිලි කර සිටියේ පරිගණක නිපදවන්නන් windows මෙන්ම Android මෙහෙයුම් පද්ධතිවලට සමාන්තරව එකම පරිගණකයක ධාවනයට ඉඩ දෙන ආකාරයේ නිපදවීම් වලට කාලය එලබ ඇති බවකි. කෙසේ වෙතත් BlueStacks වැනිබාහිර මෘදුකාංග සමග 2011 කාලයේ සිටම භාවිතාකරන්නෙකුට එකම උපාංගයේ එලෙස මෙහෙයුම් පද්ධති ධාවනයට ඉඩ සලසන්නට කටයුතු කොට තිබුනා. පසුගිය ජනවාරියේ AMD ආයතනයද එම මෘදුකාංගයේ ආධාරයෙන් ද්විත්ව මෙහෙයුම් පද්ධති ධාවනයට ඉඩ සැලසෙන පරිගණක උපාංග ගැන නිපද වීම පිලිබදව කථා බහකට එලබ තිබුනා. Nokia වෙතින්ද Nokia X නම් ව්‍යාපෘතියක් පිලිබදව නොනිල තොරතුරු හෙලිවුනු අතර එලබෙන Mobile World Congress press conference වලදී එවැනි උපාංගයක් පිලිබදව නිවේදනයක් සිදු වනු ඇති බවට අනුමානය  වෙමින් තිබෙනවා. කෙසේ නමුත් මේ පිලිබදව එකගතා මෙන්ම විරුද්ධ මතද එකසේ පලවෙමින් ඇති අතර Android වල all-inclusive platform ස්වභාවය ඔස්සේ මෙම පියවර අගයන්නට මෙන්ම කුඩා තිර ඉලක්ක කොටගෙන තැනෙන app ධාවනය ඉඩ සැලසීම තීරනාත්මක කඩා වැටීමක ආරම්භයක් ලෙසටත් තවත් කොටසක් තම අදහස් පලකරන්නට පෙලබ තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...