2014-02-23

Windows 8.1 සදහා වන update 1 නිල ලෙසට නිවේදනය වේ!!!!

  Microsoft ආයතනය මේ වන විට windows 8.1 සදහා බලාපොරොත්තුවෙන් සිටින update 1 පැමිනීම නිල ලෙසට නිවේදනය කර සිටිනවා. එම ආයතනය මෙම නිකුතුව spring update ලෙසට නම් කරමින් එම නිවේදනය නිකුත්කර තිබෙනවා. වින්ඩෝස් 8.1 වෙතට පැමිනෙන වෙනස්කම් කිහිපයක් පිලිබදව මෙම යාවත්කාලීනය සම්බන්දයෙන් මේ වන විටත් තොරතුරු පැවසෙමින් ඇති අතර ඒ අතර Modern app සදහා title bar ඒකක් මෙන්ම Modern apps මෘදුකාංග task bar වෙතට pin කිරීමේ හැකියාව මෙන්ම  jumplist  පැමිනීම ආදිය වනවා. "this spring" වලදී නිකුතුවට සැරසෙන මෙම යාවත්කාලීනය keyboard & mouse භාවිතාකරන්නන් සදහා Modern apps වලට  වැඩි පහසුකම් ‍රැගෙන එනු ඇති බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම යවත්කාලීනය Windows Update ඔස්සේ ලබා ගන්නට හැකිවන බවටයි ආයතනය පවසා සිටින්නේ. මීට අමතරව Power හා Search icon සදහා දියුනු කිරීම් මෙන්ම තවත් අමතර පහසූන් කිහිපයක්ම වන බවට එම නිවේදනය පවසනවා.
                                     මෙම යාවත්කාලීනය සදහා අවශ්‍ය වන දෘඩාංග මට්ටම 1GB ‍රැම් බලයක් හා 16GB ගබඩා පහසුවක් ලෙසට පැවසෙන අතර අඩුමිලැති උපාංග නිෂ්පාදනය කරන්නන් සදහා මෙහෙයුම් පද්ධතියේ මිල අඩු කිරීම් ලෙසට 70% ක පහසුවක් මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනය කර තිබෙනවා. අදාල නිකුතුවේ දිනය ඉශිරියේ නිවේදනය වන්නට නියමිත අතර එය බොහෝ විට එලබෙන අප්‍රේල් වලට යෙදෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...