2014-02-09

Update 1 සමග වින්8.1 වඩ වඩාත් ඩෙස්ටොප් දෙසටද චලනය වන බවක්!!!!

  Windows 8.1 සදහා නිකුත්වීමට නියමිත Update 1 නිකුතුවේ නොනිල සංස්කරනයක් මේ වන විට අන්තර්ජාලය වෙතට නිකුත්ව ඇති අතර භාවිතාකරන්නන් හට පැමිනෙන්නට නියමිත වෙනස්කම් පිලිබදව අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. දැනට දැන්වෙන ආකාරයට  මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග Modern Screen මූලික  ස්වභාවය මදක් ලිහිල් කරමින් Mouse, Keyboard මූලික සාම්ප්‍රධයික  ඩෙස්ටොප් එක සමගත් පහසුවෙන් මෙහෙයුම් පද්ධතිය හැසිරවීමේ හැකියාව ලබා දෙන්නට කට‍ටුතු කරමින් සිටින බවටයි කරුනු පැහැදිලි වෙමින් ඇත්තේ. සමහර සරල වෙනස්කම් සමග පවා වින්ඩෝස් 8 පිලිබදව අවධානය භාවිතාකරන්නන් ගෙන් අහිමිවන්නට හේතුවූ ආකාරය අත් දැක ඇති මොහොතක නැවත පැමිනෙන සරල භාවිතාවන් පවා සැදගත් වනු ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. දැනට පැමින ඇති සංස්කරනය සමග  Modern app එකක Taskbar වල link icon එකක ලෙසට රදවන්නට හැකිවන ව පමනක් නොව එම app ක්‍රියාකාරීත්වයේ පැරනි ක්‍රියාකාරකම් වෙතට පහසුවෙන් පිවිසෙන්නට  එය මත Right click කොට Jumplist වෙතට පිවිසෙන්නටත් හැකිව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ. එසේම  Xbox Music වැනි app එකක් Taskbar මත ඇති විටදී අවශ්‍ය විටදී pop up ලෙසට කර්සරය hovering ඔස්සේ media control හැකියාවද පෙන්වමින් තිබෙනවා. මෙම සංස්කරනය සමග පෙනෙන තවත් වැදගත් භාවිතාවක් වන්නේ Full screen ලෙසට ක්‍රියාත්මකවෙමින් ඇති Modern app භාවිතාවකදී පවා කර්සරය screenවල පහල කෙරවල වෙතට ගෙන යන විට අවදිවන Taskbar ද දැක්විය හැකියි. එලබෙන නව සංස්කරනය සමග  වින්ඩෝස් 8 සමග කෙමෙන් ඉවත්වෙතැයි බලාපොරොත්තුවූ පැරනි ඩෙස්ටොප් භාවිතාව දෙසට නැවත අවධානය යොමු කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කරමින් සිටීම වින්ඩොස් 8  වෙතින් ඉවත්වය ගිය භාවිතාකරන්නන්ගේ අවධානය නැවත ලබා ගන්නට හැකි වනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...