2014-02-07

Touch Friendly "Firefox" සංස්කරනයක් වින්8 සදහා නිකුත්වේ!!!!

  Mozilla තම Firefox බ්‍රවුසරය සදහා ස්පර්ශක මිත්‍ර සංස්කරනයක් ඉදිරිපත් කිරීම පිලිබදව කථා බහට දෑවසරකට ආසන්න කාලයක් ගෙවී  යමින් ඇති අතරතුරු පලවන නිවේදනයක් පවසන්නේ Windows 8 සදහා වන touch friendly ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ බීටාවක් මේ වන විට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි. 'Firefox Metro' නව නාමයක් යටතේ නිකුත්කරන්නට කටයුතු කෙරුනු මෙම බ්‍රවුසර සංස්කරනය වින්ඩෝස් 8 Modern UI සදහාම වැඩි දියුනු කල එකක් හැටියටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම app මෘදුකාංගය සමග පැමින ඇති නවාංග අතර එය ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම හමුවන  'Firefox start screen' එක දැක්වෙනවා. එම තිරය තුලදී Top sites , bookmarks , browsing history ආදී තොරතුරු භාවිතාකරන්නා වෙතට ගෙනෙන බවටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය සමග පැමින ඇති ස්පර්ශක තිර මිත්‍ර බව පැහැදිලි කෙරෙන touch gestures අතරට pinch-to-zoom හා  one-touch swipe transitions මෙන්ම Snap feature ආදිය දැක්වෙනවා. එසේම වින්ඩෝස් 8 සමග විත් ඇති 'Share' Charm වලට දක්වන සහය ඔස්සේ පහසුවෙන් වෙබ් පි‍ටුවක් තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ හැකියාවත් දැක්වෙනවා. මෙම සංස්කරනය බීටාවක් වන අතර අවසන් සංස්කරනය මාර්තු මස 18 දාට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.
http://www.mozilla.org/en-US/firefox/beta/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...