2014-02-19

SkyDrive පහසුව OneDrive වීම දැන් ක්‍රියාත්මකයි!!!!

  Microsoft සමාගම තම භාවිතාකරන්නන් වෙතට තම ගොනු online අකාරයට ගබඩා කොට තබා ගන්නට ලබදෙන අවකාශය හදුන්වමින් තිබූ නාම Skydrive වල සිට OneDrive දක්වා වෙනස් කරන බවට ප්‍රකාශ කොට මේ වන විට  සති කිහිපයක් ගෙවී ගොසිනි. අද නිකුත්වන නවතම නිවේදනයක් පවසන්නේ අද දින සිට එම වෙනස් කිරීම ක්‍රියාත්මක කරන්නට යෙදෙන බවකි. මේ අනූව skydrive වෙතට පැමිනෙන භාවිතාකරන්නන් නව OneDrive අඩවිය වෙතට අද සිට directed වීමට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ. එසේම මේ සදහාවන onedrive app මෘදුකාංගය අද සිට iOS, Android, Windows Phoneහා  Windows 8.1 සදහා සූදානම් බවටත් ප්‍රකාශ වනවා.
           මෙම නව වෙනසත් සමග පැමිනෙන නව අංග කිහිපයක්ද වන බවට පැවසෙන අතර ඒවා නම් automatic camera backup නම් උපකරනයේ කැමරාවෙන් ලබා ගන්නා ඡායාරූ ස්වංක්‍රීයව OneDrive මතටද තැන්පත් වීමේ සෙවාව දැනට භාවිතාවන Windows හා iOS වලට අමතරව Android සදහාද විවෘත වීම මෙන්ම onedrive මත තැන්පත්ව ඇති වීඩියෝවක් ආපසු ලබා ගැනීමේදී උපකරනයට ඇති internet සබදතාවය සතු  bandwidth මත වෙනස් වීමේ හැකියාවද වන බවටත් තොරතුරු හෙලිවෙමින් පවතිනවා. ඉදිරි කාලයේදී onedrive කන්ඩායම විසින් නවාංග කිහිපයක්ම හදුන්වා දෙන්නට සැලසුම්ව ඇති බවටත් නොනිලව මේ වන විට පැවසෙනවා.
https://preview.onedrive.com/about/en-us/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...