2014-02-05

NSA යෝධ තොරතුරු එකතුවක!!!!!!

  මෑත කාලයේ මහත් ආන්දෝලනයට පත්ව ඇති NSA දෛනිකව මිලියන 200ක් Text ලොව පුරාවෙන් එකතුකරමින් සිටින බවටයි නවතම වාර්ථා හෙලි කරන්නේ. Dishfire ලෙසට නම්වන රහසිගත වැඩසටහනක් ඔස්සේ මේ ක්‍රියාත්මකවීම සිදුවන බවට මෙන්ම එම එකතුකිරීම් නිශ්චිත සැකකටයුතු කාරනා ඔස්සේ නොව හැකි උපරිම ප්‍රමානයක් එකතුකර ගැනීමේ ආකාරයට වන බවටයි වැඩිදුරටත් සටහන් වන්නේ.The Guardian හා  Channel 4 News ඔස්සේ හෙලිවන කරුනු අනූව Missed call alerts මිලියන පහක් ආසන්න වශයෙන් ඒ අතර වන බවටයි හෙලිවන්නේ. එසේම දේශසීමා අතර යනෙනන්නන්  මිලියන 1.6ක තොරතුරු ඔවුනගේ දුරකථන ජාල අතර සිදුවන හුවමාරු පනිවිඬ ඔස්සේ හදාරන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවටත් හෙලිවෙනවා. මෙම තොරතුරු ඔස්සේ භාවිතාකරන්නන්ගේ ස්ථාන පිලිබදව තොරතුරුද හැදෑරෙන බවට හෙලිවන අතර බොහෝ විට ඒවා අතරින් ඇමරිකානුවන් හැර විදේශිකයන් පිලිබදව ප්‍රමුකතාවය ලැබෙන බවටයි දැක්වෙන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...