2014-02-03

iPod සමුගැනීම ඇරබෙමින් ඇත

  Apple ආයතනය තම iPod හදුන්වාදීමේදී සිට සැලකීමේදී එම උපකරන මිලියන 400ක් පමන මේ වන විට අලවි කොට ඇති බවටයි ගනනය වන්නේ. වසර 2001දී සිදුවූ හදුන්වා දීමෙන් අනතුරුව මාසිකව මිලියන ගනනක් භාවිතාකරන්නන් අතට පත්වෙමින් ඔවුනගේ ඔවුන්ගේ ජීවිතයේ වෙනස්තම අත්දැකීමක් ‍රැගෙන එන්නට ක්‍රියාකල උපාංගයක් ලෙසට පිලිගැනෙන එය තොරතුරු ලෝකයට මෙන්ම සංගීත රසස්වාදනය ප්‍රියකරන අය වෙතටද අපූර වෙනසක් ගෙන ආ උපාංගයක් ලෙසටයි මෑත අතීතය තුල සටහන් ව ඇත්තේ. පලවන නවතම වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් iPod වෙලඳ පොල මියැකෙමින් පවතින බවයි. 2013 අවසාන කාර්තුව සැලකිමේදී පෙර වසරේ සමාන කලයට සාපේක්ශව 50% අලවිය පහත වැටීමක් සිදුව ඇති බවට වාර්ථාවන අතර ස්මාර්ට් දුරකථනා ආදී උපකරනවල භාවිතය බහුලවීම මීට ප්‍රධාන හේතුවක් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.
              ස්ටීව් ජොබ්ස් විසින් නිර්මානය කරනලද තාක්ශනිකව ඉදිරියට පොලාපැනීමත් මටසිලු‍ටු  ආකර්ශනීය නිමාවත් එක්තැන්වූ නිමැවුම් පෙලක ඇරබුමක්වූ එය ගෙනෙන ලද වෙනස  වෙළඳ නාමයක් ලෙසට මිනිසුන් හමුවේ බරපතල සටහනක් තබන්නට පටන් ගත් අතර තොරතුරු තාක්ශනය කෙරෙහි අදත් පවතින ප්‍රබෝධයේ පෙර ගමන් කරුවෙකු ලෙසට හදාරන්නන් පිලිගන්නා ලද නිකුතුවක් ලෙසට එය ඉතිහාසයතුල සටහන් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...