2014-02-12

Intel වෙතින් 15-core Xeon server chip පත පිලිබද වැඩි දුර තොරතුරු නිකුත්වේ!!!!!

  intel ආයතනය මේ වන විට පැමිනෙන්නට නියමිත තම 15-core Xeon server chip පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලිකර සිටිනවා. ඔවුන් පවසන්නේ එම චිප් පත සමග ට්‍රාන්සිස්ටර්ස් බිලියන 4.31ක් වන අතර මේ වන විට එය Ivytown නම් සංකේත නාමයෙන් හදුන්වන බවයි.එහි වේගය ගැන සදහන් කරන ඔවුන් පවසන්නේ එය 1.4GHz සිට 3.8GHz දක්වා වන බවයි. මෙම චිප් පත  Xeon E7 චිප් පත් පෙලෙහි අවසාන නිකුතුව වන අතර එලබෙන සතියේ එය නිල ලෙසට නිවේදය කරන්නට ඉඩ ඇති බවටයි සැල වෙමින් ඇත්තේ. අඩු බල වැයක් සමග වෙගවත් ක්‍රියා කාරීත්වයක් ‍රැගෙන එනු ඇති බවට අනාවැකි පලවන මෙම නිකුතුව  Ivy Bridge නම් ඉන්ටෙල් microarchitecture මත නිර්මානය වී ඇති බවට හෙලිවනවා. 15-core මට්ටමේ මෙම චිප් පත high-end computing tasks සදහා  සාර්ථක සහයක් ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තුවනවා. මෙම නිකුතුව 1.4GHz සිට 3.8GHz අතර ධාවනයක් ‍රැගෙන එන අතර  40 watts සිට 150 watts බල භාවිතාවක් අවශ්‍ය වන අතර සමාන්තරව 30 threads ක්‍රියාකාරකමක් ගෙනෙනු ඇති බවටත් සටහන් වෙනවා.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...