2014-02-20

HTC වෙතින් smartwatch උපාංගයක් සූදානම් වෙමින් ඇති බවට

  HTC ආයතනයද පලඳින ආකාරයේ වන උපංග කිහිපයක්ම අත්හදා බලමින් සිටින බවට පසුගිය කාලය පුරාවටම නොනිල තොරතුරු පලවෙමින් තිබුන අතර මේ වන විට එවන් තොරතුරක් පිලිබදව වැඩි දුරටත් කරුනු හෙලි වෙමින් තිබෙනවා. එම නොනිල ආරන්චිය හෙලිකර සිටින්නේ HTC වෙතින් smartwatch උපාංගයක් ඉදිරියට යෙදී ඇති Mobile World Congress වලදී ඔවුනගේ ආයතනික සහකරුවන් වෙතට නිවේදනය වීමට නියමිත බවකි. Toq smartwatch ආකාරය මත ගොඩ නැගෙන මෙම නිකුතුව Qualcomm’s Mirasol ආකාරයේ ස්ක්‍රීනයකින් හා Bluetooth  සබඳතාවයකින් සහිතව පැමිනෙන අතර එහි  music player අතුලු HTC වෙතින් දියුනු කරන ලද අංග කිහිපයක්ම සමග වනු ඇති බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා.
         මීට අමතරව HTC වෙතින් නිර්මානය වෙමින් ඇති bracelet ආකාරයේ අත් පලඳනාවක් පිලිබදවද තොරතුරු පැවසෙන අතර එයද music player මෙන්ම  සිහින් ස්පර්ශක ආකාරයේ තිරයකින්ද සමන්විත වන්නට නියමිත බවටයි සටහන් වන්නේ. මෙම නිකුතුව මූලිකව fitness features වලින් සමන්විත වන අතර එය එලබෙන හමුවේදී නිවේදනය වීමට ඉඩ නැති බවටයි බලාපොරොත්තුව වන්නේ. Samsung 2013 ඔක්තෝබරයේදී හදුන්වාදුන් Galaxy Gear smartwatch නිකුතුව එතරම් සාර්ථක බවක් අත්පත් කර නොගත් නමුත් ක්‍රමයෙන් වැඩෙමින් ඇති wearable devices වෙළඳ පොල තුල නව හඳුන්වාදීම් සදහාවන වෙනස් ප්‍රථිචාර පිලිබදව විචාරකයින් බලාපොරොත්තු පල කරමින් සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...