2014-02-11

අවසානයේ නීතියද Google Glass අත්හදා බලන්නට තීර්නය කරයි!!!!

  Google Glass ආන්දෝලනාත්මක භාවිතාවකට පැමිනෙමින් ඇති බවට නෙක දිසාවන්ගෙන් තොරතුරු හෙලි වෙමින් ඇත. විටක ප්‍රකට පෙලේ අවන්හලකදී එහි පාලකයන් විසින් තහනම් කරන බවට පවසයි. තවත් විටක පොලිස් නිලධාරියෙකු Google Glass පැලඳ රියක් පැදවීයයි කාන්තාවකට දඩුවම් කොලයක් ලබා දෙයි. තවත් විටක සිනමාහලක පාලකයන් Google Glass පැලඳි අයෙන් අනවසර පටිගත කිරීමකට සැක සහිත යැයි පවසමින් ප්‍රේක්ශකයෙකු සිනමා හලින් පිටතට ගෙන සොයා බලන්නට ක්‍රියා කරයි. පලවන් නවතම තොරතුරක් පවසන්නේ New York Police දෙපාර්තමේන්තුව නීතිය සු‍රැකීම සදහා Google Glass වෙතින් ලබා ගත හැකි සහය විමස බලන්නට තීර්න්ය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ සිදුවීමක් පහසුවෙන් video කිරීම ඔස්සේ එය හා සම්බන්දිත පුද්ගලයන් පිලිබදව තොරතුරු ලබා ගන්නට එය සහවන ආකාරය පිලිබදව තම අවධානය යොමුව ඇති බවකි. විශේෂයෙන් Google Glass වෙතට මෑතකදී හඳුන්වාදුන් නව app නිකුතුව කෙරෙහි වැඩි අවධානයක් ඇති බවටයි තොරතුරු හෙලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් හෙලි කරන්නේ එම app සහය සමග ඡායාරූගතවන අයෙකුගේ සමාජජාලා ආශ්‍රිතව වන තොරතුරු ආදිය පහසුවෙන් ‍රැස්කරගනට හැකිවන බවයි. අත්හදාබැලීම සාර්ථවන්නේ නම් ඔවුන් විසින් මීට සමාන app ගොඩ නැගීමක් ඔස්සේ නිතිය හා සාමය සු‍රැකීමට Google Glass සහය ලබා ගැනීමට එලබෙනු ඇති බවටයි වාර්ථාවන්නේ.
             Google ආයතනය පවසා සිටින්නේ තමන් වෙතට ඔවුන් Google Glass අත්හදා බලන්නෙකු මට්ටමින් ලියාපදිංචි වී ඇති බවත් ඩොලර් 1500ක් යටතේ සාමන්‍ය පරිදී එය සිදුවෙමින් පවතින බවයි. මෙතෙක් ඒ පිලිබදව වැඩි දුර සහයෝගකින් කටයුතු කිරීමක් නැති බවත් ඔවුන් ගේ අත්හද බැලීම් සාර්ථවීමක් ඔස්සේ අවශ්‍ය වන්නේ නම් ඉදිරියේදී වැඩි දුරටත් කටයුතු කරන්නට තමන් සූදානම් වන බවකි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...