2014-02-13

Fuse Labs වෙතින් එන NewsPad දැන් විවෘතයි!!!!

  Fuse Labs යනු මයික්‍රසොෆ්ට් ආයතනයේ පර්යේෂන මට්ටමින් නව අත්දැකීම් ගෙනෙන ව්‍යාපෘති හදුන්වා දීමේ දී ප්‍රමුක කාර්ය භාරයක් ඉ‍ටුකරන කන්ඩායමකි. Socl එසේ හදුන්වා දුන් සමාජ ජාලාවකි. මෙම සතියේ ඔවුන් වෙතින් නව හදුන්වාදීමක් නිවේදය වනවා. එනම් NewsPad ලෙසට  නම් වන online ආකාරයට බොහෝ පිරිසකට මැදිහත්ව වෙනස්කම් මෙන්ම නව එකතුකිරීම් සදහා ඉඩ සැලසෙන headlines, articles, imag , Links වලින් සමන්විතව තිබෙන නව අවකාශකි. ඔවුන් පැහැදිලි කරන්නේ වෘතිමය නොවන මට්ටමේ සමජ කොටස්වලට තම අදහස් පහසුවෙන් බෙදා ගන්නට ඒවා සංශෝදනය කරන්නට හැකියාවක් මෙම අවකාශය පහසුවෙන් ගෙනෙන බවයි. තොරතුරු ලෝකය වඩාත් නම්‍යව පෞද්ගලික මෙන්ම සමාජ ජීවිතය වෙතට ගෙනෙන්නට සහය වන මෙම නව අත්දැකීම සමග එක් වන්නට මේ වන විට ඔනෑම භාවිතාකරන්නෙකුට අවස්ථාව ඇති බවටයි Microsoft ආයතය මේ වන විට නිවේදනය කර සිටින්නේ.
http://newspad.at/

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...