2014-02-05

නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග අතර ප්‍රමුකයා!!!!

  පරිගණකයේ ආරක්ශාව සදහා මෘදුකංගයක් බාවිතාකිරීම අත්‍යවශ්‍ය කාරනාවකි. මේ සදහා මිළදී ගත හැකි ආරක්ශක මෘදුකාංග රාශියක් ඇති අතර මිලදී ගන්නා සංස්කරනවල තරම් ආරක්ශක අංග නැති මුත් සැහෙන ප්‍රමානයකට මූලික ආරක්ශාව සපයන්නට සමත්වන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගද රාශියක් ඇත. ඒවා අතර Avast මෘදුකාංගයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. වාර්ෂිකව සිදුවන ආරක්ශක මෘදුකාංග සැසදීම් වලදී නොමිළේ භාවිතාකල හැකි ආරක්ශක මෘදුකාංග වලදී පලමු තැන හිමිකර ගන්නා මෘදුකාංගයක් ලෙසට වසර ගනනාවක් පුරා තම ස්ථානය ‍රැක ගැනූමට සමත් මෙම මෘදුකාංගය මිළඳී ගත හැකි සංස්කරනයකින්ද සමන්විත AVAST Software සමාගමේ නිකුතුවකි.එහි නව 2014 සදහා වන සංස්කරනයත් සමග වඩාත් නිවැරදිව දන්නා මෙන්ම සැකසහිත malware ගොනු සදහා ප්‍රතිචාර දැක්වීමට සමත් ලෙසට පිලි ගැනෙන අතර AutoSandbox මෙන්ම  dynamic binary translation ඔස්සේ එම කාර්යයන් වඩාත් සාර්ථකව පරිගණකයේ ආරක්ශාව තහවුරු කරන්නට කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. දියුනු කල cloud scanning හැකියාව , මෙන්ම නිරන්තරයෙන් සිදුවන streaming update ඔස්සේ දිනකට නව යාවත්කාලීනයන් 350-400 අතර සිදුවන බවටයි ප්‍රකාශ වන්නේ. මෙම නව සංස්කරනය සමග වැඩි දියුනු කල ආරක්ශන යාන්ත්‍රනය සමග වඩාත් නිවැරදිව malware පමනක් නොව rootkits අතුලු ගොනු ආසාදකයන් බෙහොමයක් වලකන්නට ක්‍රියා කරන බවටයි පිලිගැනෙන්නේ. 2014 සදහා වන නව සංස්කරනය පහත දැක්වෙන ලිපියය ඔස්සේ පිවිසීමේන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.
http://www.avast.com/get/XcKI3pq4

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...