2014-02-21

ෆේස්බුක් ස්වභාවය හා අපගේ අනිසි භාවිතාව

  තොරතුරු ලෝකයේ භවිතාව භෝ විට ගැටලු සහගත වන්නේ ඒවායේ මුල් ස්වභාවය නිසාම නොවීමද අපට මග හැරී ඇති සත්‍යකි. උදාහරනයක් ලෙසට ෆේස්බුක්හි ව්‍යාජ අනන්‍යතාවයක් නිර්මානය කිරීම එම අඩවිය හා කටයුතු කරන්නට පිවිසීමේ දීම එහි නීති හා රීති උල්ලංගනය කිරීමක් බව අප භාවිතාකරන්නන් ලෙසට එකගවන කාරනාවකි. එසේම ලොවම දැනගන්නවාට සම්පුර්නයෙන්ම අකමැති දෑ සීමිත පිරිසකට සීමාකර පවා පල කිරීම යම් තාක්ශනික ස්වභවයන් ඉදිරියේ එතරම් සාර්ථක පියවරක් නොවන බව හදාරනන් නැවත නැවත පවසන කාරනවකි.
              තවත් අර්ථයකදී ෆේස්බුක් යනු භාවිතාකරන්නන්ගේ සිතුම්පැතුම් හා භාවිතාවන් වෙළඳ දැන්වීම් කරුවන් වෙතට අලවි කිරීමෙන් විශාල ලාබ ලබන ආයතනයක් වීමද ලොව පුරා මහත් භාවිතාකරන්නන් හට නොමිළේ ලබා දෙන එකිනෙකා පහසුවෙන් හමුවන්නට තොරතුරු බෙදාගන්නට වන අවකශය ප්‍රතික්ශේප කරන්නට කාරනයක් කර ගැනීම නවීන ලෝකය ඉදිරියේදී එතරම් ප්‍රායෝගික කාරනාවක්ද නොවුනු ඇත. ලෝකය ඉදිරියේ මේතරම් විසල්ව විවර වන්නට අප සංස්කෘතිකව නොවැඩී ඇති රටක් ලෙසට වන අර්ථ දැක්වීම වැදගත් හදුනා ගැනීමක් හා අප ජයගත යුතු අභියෝගයක් විනා එයින්පලා යන්නට කාරනාවක් නොවනු ඇත. සමාජ ජලා වැනි භාවිතාවන් යක්ශයෙක් කර ගැනීම නොව සුව පහසුව සලසන අතවැසියෙක් කර ගැනීම අප විසින් අත්පත් කරගතුයුතු අභියෝගකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...