2014-02-13

App ඔස්සේ තොරතුරු ‍රැස්කිරීම ගැන Bitdefender හැදෑරීමක්!!

  Bitdefender ආයතනය apps ඔස්සේ සිදුවෙමින් ඇතැයි කියවෙන භාවිතාකරන්නන්ගේ තොරතුරු අනවසරයෙන් ගබඩා කර ගැනීම පිලිබදව කරනලද නවතම හැදෑරීමක වාර්ථාවක් පවසන්නේ සාමන්‍යයෙන් පිලි ගැනෙමින් තිබුනාට වඩා වැඩි තොරතුරු ‍රැස්කිරීමකට එම app පෙලබ ඇති බවකි. Google play Store , Apples's app store ආශ්‍රිතව මෙම හැදෑරීම සිදුව ඇති අතර Android app වල තුනෙන් දෙකක ප්‍රමානයක් මෙන්ම iOS වල භාගයක් පමන වන app සමග ඔබ සිටිනා ස්ථානය වාර්ථාකර ගැනීමේ හැකියාව පවතින බවටයි ඔවුන් වාර්ථාකර සිටින්නේ. එසේම ඔවුන් හැදෑරීමට ලක්කල app දහස් ගනනක් අතරින් සැම විස්සකින් එක් app මෘදුකාංගයක් උපාංගයේ ඡායාරූ තැන්පත්ව ඇති ගොනුව වෙතට එබී බලන්නට කටයුතු කරන අතර සැම app තිහකට එකක් තරමට උපකරනයේ email ලිපින ගොනුවට එබී බලන්නට මෙන්ම සියයට එකක් පමන උපකරනයේ ඇති contact list වෙතට පිවිසෙන්නට කටයුතු කරන බවට හෙලි වනවා. උදහරනයක ලෙසට සැලකීමේදී උපකරනයේ ඇති ඡායාරූ සංස්කරන app එකක් සදහා උපකරනයේ ඡායාරූ ගොනුව පරිහරනයට අවසර තිබිය යුතු මුත් ඒවා විසින් තම සීමාව ඉක්මවමින් එම ඡායාරූ ස්ථාන තොරතුරු වැනි ඒවා පමනක් නොව දුරකථනයේ ඇමතුම් පිලිබදව තොරතුරු පවා ‍රැස්කිරීමට පෙලෙබෙන බවටයි එම හැදෑරීම් වාර්ථා පවසන්නේ.
   දැනට app storeව සමග දක්නට නොලැබෙන වැදගත් app මෘදුකංගයක් වන එම මෘදුකාංග ස්ථාපනයේදී ඔබ එකගවන එකගතා පිලිබදව අනතුරු අගවන්නට සමත් app සහයක් Google app store වෙතට එලබෙන මාස දෙක තුලදී පැමිනෙන්නට නියමිත අතර එම ආයතනය භාවිතාකරන්නන් වෙතට උපදෙස් දෙමින් පවසන්නේ එම මෘදුකාංග වෙතට ඔබ ලබා දෙන අවසරයන් පිලිබදව කල්පනාකාරී වීම වැදගත් වනු ඇති බවයි.බොහෝ විට එම app වලට අනවශ්‍ය මට්ටමේ තොරතුරු ‍රැස්කිරීමකට අවසර ඉල්ලීම් පිලිබදව අවධානයෙන් සිටීම ඔවුන් අවධාරනය කරනවා.එසේම සමහර විටක එසේ පලමු අවස්ථාවලදී අවසර ඉල්ලා නොසිට පසුව උපංක්‍රමශීලීව තොරතුරු ලබා ගන්නා app පිලිබදව සදහන් කරන ඔවුන් පවසන්නේ තවකෙකුට දකින්නට අකමැති ඡායාරූ ආදිය කිසිවිටකත් උපකරනයේ තැන්පත් නොකර සිටීම වඩාත් ආරක්ශාකාරී බවටයි උපදෙස් දෙන්නේ.
              app නිර්මානකරුවන්ද තම ආදායම ඉලක්ක කරගනිමින් අනවශ්‍ය වෙළඳ උපංක්‍රම වෙතට තම නිර්මාන විවෘතකිරීම මෙම තත්වයාට් හේතුවක් විය හැකි බවාට් සැලකෙන අතර විෂේශයෙන් Free මට්ටමේ App භාවිතයේදී වඩත් සැලකිලිමත්වීම වැදගත් වන බවටයි විචාරනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...