2014-02-16

විචිත්‍රවත් Android අනාගතය

  වසර 2008 යනු Apple ආයතනය තම app storeවද හදුන්වාදුන් කාලයයි. ප්‍රථම Android ප්‍රධාන මොබයිල් භාවිතාව වෙළඳ පොල වෙතට පැමිනියේ ඒ වර්ෂයේ වූවාය. ඉතා අඩු පහසුකම් සහිතව පැමිනි එම මොබයිල් භාවිතාව සැකලීමේදී ගතවූ වසර පහ තුලදී Android මෙහෙයුම් පද්ධතිය අත්පත් කරගෙන ඇති දියුනුව ඉමහත්ය. අද Android යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාව බවට පත්ව හමාරය. එපමනකුදු නොව හෙට දවස පිලිබදව වැඩිම බලාපොරොත්තු තැබිය හැකි මොබයිල් මෙහෙයුම් පද්ධතිය බවටද පත්ව හමාරය. නොමිළේ භාවිතාකල හැකි නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙසට එය වෙගයෙන් වර්ධනය වෙමින් තිබීම බොහෝ මොබයිල් නිපදවන්නන්ගේ අවධානය නිරන්තරයෙන් හිමිකර ගැනීමට ප්‍රධාන සාධකයක්ව පවතී.
       හදාරන්නන් Android අනාගතය ප්‍රධාන අංගයන් කිහිපයක් ඔස්සේ පැහැදිලි කරන්නට තැත්කරනු දැකිය හැකිය. Google ආයතනය සතු Google Map හැකියාව එම මෙහෙයුම් පද්ධතිය සමග හොඳින් මුසුවෙමින් තිබීම ඉන් එකකි.calluler හා Wi-Fi මෙන්ම GPS වැනි භාවිතාවන් ඔස්සේ එක්වන තොරතුරු සමග එලබෙන කාලයේ භාවිතාකරන්නෙකුට පහසුවෙන් තම යනෙන මගතොර තොරතුරු පිලිබදව වඩාත් නිවැරදි හා වේගවත් තොරතුරු ගෙනෙන සගයෙක් වන්නට  Android පද්ධතියට ඇති හැකියාව ඉතා ඉහල මට්ටමක වන බවටයි ඔවුන් බලාපොරොත්තු පලකරන්නේ. තනි සේවාවක් නොව නෙක ආකාරය ගත් සේවා ජාලයක් ඔස්සේ පැමිනෙන දත්ත සමග මුසුව වඩාත් බුද්ධිමත් සහයක් භාවිතාකරන්නාහට සැලසීමට එයට හැකිවීම එම සාර්ථකත්වයේ පදනම වනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. විටක ත්‍රිමානීය ආකාරයට පවා ඔබට යායුතු  මංමාවත් ගොඩනැගිලි ආදියේ තොරතුරු ගෙනෙමින් එයට දැක්විය හැකි සහය වඩාත් වර්නවත් කරන්නට Google+ ආදී ඔවුනගේ සමාජජාලා සහය මුහුවීම අපූර අත්දැකීමක් වනු ඇත.
                Android සමග එන්නට හැකි Messaging හැකියාව සමාන්තර අනෙකුත් සේවාවන් සමග සැලකීමේදී වඩාත් ඉහල මට්ටමක පවතින බවට හදාරන්නන් බලාපොරොත්තු පලකර සිටිනවා. Facebook , skype හා තවත්වන සේවා වන් සැලකීමේදී Google සතු හැකියාව මුසුවන Android සමග මොබයිල් ලෝකයට ගෙනෙන්නට හැකි Maessaging හැකියාව ඔස්සේ SMS, email, instant messaging මෙන්ම  video calling ආදී වන සියලු හැකියාවන් විහිදෙන බවටයි දක්නට ලැබෙන්නේ. එකනෙකට වෙනස් ස්වරූපයන් ගත් එම පනිවිඬ සේවාවන් ඔස්සේ අවශ්‍ය විටදී එකින් නෙකට මාරුවෙමින් පහසුවෙන් භාවිතාකරන්නෙකුට තම සබදතාවය ඔස්සේ තොරතුරු හුවමාරු කරගන්නට හැකිවීමට ඉදිරියේ එනු ඇතැයි බලාපොරොත්තුවේ. තම Messaging භාවිතාව සදහා එක්වීම තාක්ශනය විසින් නොව භාවිතාකරන්නන් විසින් තීර්නය කරන්නට හැකිවන අනාගතයක් ඒය වනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.
              මොබයිල් සබදතාවයක් ඔස්සෙ එනු ඇති බවට අනාගත බලාපොරොත්තුවක් වන මුදල්  payments, transferring හැකියාවන් වඩාත් සියුම්ව හා නිවැරදිව ඉ‍ටුකර දෙන්නට Android පද්ධතිවල හැකියාව වඩාත් දියුනුවීමක් හදාරන්නන්ගේ තවත් බලාපොරොත්තුවක් වනවා. දියුනු  කරනලද Google වල  Authenticator app හැකියවන් සමග ඔබ පසුකරන එම ආයතනයේ මුදල් අයකැමි කුලුන ඔස්සේ ක්ශනයකින් එය සිදුවනු ඇති බවටයි චිත්‍රනය වෙමින් ඇත්තේ. Google වල අත්හදා බැලීමේ අදියරේ ඇති Google glass වැනි භාවිතාවන් සමග බුද්ධිමත් අතර මැදිවීමක් සමග පැමිනෙන අනාගත ඇන්ඩ්‍රොයිඩ් ලෝකය වඩාත් විචිත්‍රවත් එකක් වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...