2014-02-21

ඩොලර් 6950ක Android කොෆී ටේබලය

  Microsoft සමාගම තම Windows 8 සැලසුම් කරන විටදී එලබසිටි තක්සේරු අතර සාම්ප්‍රධායික පරිගණක මේසයෙන් මිදුනු භාවිතාවක අවශ්‍යතාවය මෙන්ම දවසේ නෙක අවස්ථාවල් වලට ගැලපෙන දෘඩාංග වෙනස ගැටලුවක් නොවී පහසුවෙන් තම කාරනා ඉ‍ටුකර ගෙන යාමේ හැකියාව භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය ලෙසට නිගමනය කල වියහැක.විටක එය පලඳනාවක් ලෙසට දෛනික ජීවිතයට සරලවන අතරම තවත් විටක තරමින් විශාල බහු භවිතාකරන්නන් පිරිසකට එක්ව භාවිතාකල හැකි ආකාරයට එය පැමිනීමේ අවශ්‍යතාවයද මේ වන විට ක්‍රමයෙන් තොරතුරු ලෝකය පිලි ගනිමින් තිබේ. පලවන නවතම තොරතුරක් පවසන්නේ 3M හා Ideum එක්ව යලිත් පරිගණක මේසයක් නිමවා ඇති බවකි.
                            එය 3.7GHz බලැති Core i7  ප්‍රොසෙසරයක් හා Blu-Ray combo drive එකකින් සමන්විතව 1080p display සමග පැමින ඇති අතර අඟල් 32 හා 46 ලෙසට ප්‍රමාන දෙකකින් වන බවටයි ප්‍රකාශ වන්නේ. එම 32 ප්‍රමානයේ පරිගණකය සමග එකවර touchpoints 40 ක් හා 46 මොඩලය සමග 60 touchpoints හැකියාවක් වන බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම 40 මොඩලය 500GB දෘඩතැටියකින් හා 16GB වන DDR3 RAM සම්න්විත බවට පවසන එම ආයතනය 32 මොඩලය එම හැකියාවන්ගෙන් භාගයක බැලැති බවටයි සටහන් වන්නේ. මෙම පරිගණක මේසයේ Android සංස්කරනයක් 2014 අවසානය වන වන විට වෙළඳ පොලට නිකුත්කරන්නට ඔවුන් බලාපොරොත්තුවන අතර එය Android 4.1 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විතව පැමිනෙනු ඇති බවටයි  නිවේදනය වන්නේ. ජල රෝධී නිමැවුමකින් පැමිනෙන එය Android apps සදහා සහය දක්වන ආයතනික මට්ටමේ භාවිතාවට වඩාත් ගැලපෙන ලෙසට නිමව පැමිනෙනු ඇති බවත් පවසා සිටිනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...