2014-01-06

වින් 8.2 සමග පැරනි ඩෙස්ටොප් මුහුනත දෙසටද දැනෙන චලනයක් පැමිනේවි!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනය තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සම්බන්දයෙන් තවමත් සිටින්නේ සංක්‍රාන්ති සමයක බවටයි විචාරකයින් පවසා සිටින්නේ.වින්ඩෝස් 8 හැරවුම භාවිතාකරන්නන් අන්ද මන්ද කල වෙනසක් සටහන් කල අතර වින්ඩෝස් 8.1 සමග එම තීරනාත්මක හැරවුම සුලු සමබර කිරීමකටද මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කරන ලද්දේ අහිමි කරන ලද ස්ටාර්ට් බටනය පමනක් මෙන්ම කෙලින්ම සුපුරුදු ඩෙස්ටොප් එක මතට බූට් ක්‍රියාවලිය අවසන් කරන්නට හැකියාව ලබා දීම සමග බවටයි පිලි ගැනීම වන්නේ.අමතර දියුනු කිරීම් මෙන්ම නව අංග කිහිපයකම සමග පැමිනුන වින්ඩෝස් 8.1 මෙගා යාවත්කාලීනය සමග යම් තරමක භාවිතාකරන්නන් අතර ප්‍රසාදයක් දිනා ගනිමින් සමස්ථ භාවිතාව තුල තම ස්ථාවරය ලබා ගමිනින් සිටින බවටයි හැදෑරීම් වාර්ථා පවසන්නේ.
                  ක්‍රමයෙන් වින්ඩෝස් 8.2 මෙගා යාවත් කාලීනයක් පිලිබදව කථ බහ මේ වන විට කරලියට පැමිනෙමින් තිබෙන්නේ වින්ඩෝස් 8 සමග මයික්‍රොසොෆ්ට් ආයතනය හදුන්වා දෙනු ලැබූ වේගවත් යාවත්කාලීන නිකුතු රටාවට අනූවය.නව සංස්කරනය සමග ස්ටාර්ට් මෙනුවක පැමිනීම යෝජනා වෙමින් ඇති අතර බාහිර පාර්ශවයන් එම ස්ටාර්ට්  මෙනුව පැරනි සාම්ප්‍රධායික ස්ටාර්ට් මෙනුව ඉක්මවා යමින් නව මුහුනු වරක් ගත යුතු බවට නෙක යෝජනා ඉදිරිපත් කරම්න් සිටී. බොහෝ විට එය පැරනි මෙන්ම නවීන ඇප්ලිකේෂන නියෝජනය කරන මෙන්ම වින්ඩෝස් 8 සමග හදුන්වාදුන් චාර්ම්ස් බාරයේ එකතුවක් වනු ඇති බවටයි බලපොරොත්තුව වෙමින් ඇත්තේ.මීට අමතරව තව දුරටත් SkyDrive මෙහෙයුම් පද්ධතිය තුලට ගෙන ඒමත් Bing සෙයුම් යන්ත්‍රය මෙහෙයුම් පද්ධතිය තුල වඩාත් සංක්‍රිය කිරීමත් හදාරන්නන්ගේ අවධාරනය දිනා ගත් කාරනා වෙමින් තිබෙනවා. ත්‍රිමානීය මෘද්‍රනය මෙන්ම peer to peer ආකාරයේ  Wi-Fi සබදතාවය මීට අමතරව ඔවුනගේ බලා පොරොත්තු ලෙසට සටහන් වෙමින් තිබෙනවා.
                        ඩෙස්ටොප් පරිගණක අලවිය වාර්ථා ගත ලෙසට පහල යමින් තිබුනද එහි භාවිත වටිනාකම් ජංගම මට්ටමේ උපාංග අත්පත් කර ගැනීම බලාපොරොත්තු වූ තරන් සරලව හා වේගවත්ව සිදු නොවීමද වෙගයෙන් වැඩි වෙමින් ඇති සරල මට්ටමේ භාවිතාකරන්නන් සමග ඉහල යමින් පවතින එවැනි උපාංග වලට ඩෙස්ටොප් පරිගණක සමග වන වෘතීය මට්ටමේ බාවිතාකරන්නන් ගේ තම පලමු දත්ත උපාංග එතරම් පහසුවෙන් ආක්‍රමනය කරන්නට නොහැකිවීම කෙමෙන් කැපෙනෙන්නට පටන් ගෙන ඇති බවටයි හැදෑරෙමින් ඇත්තේ.ලොව වැඩිම භාවිතාවක් හිමි කරගෙන සිටින මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියට එතරම්ම පහසුවෙන් තොරතුරු ලෝකයේ බරපතල භාවිතාව මග හරින්නට නොහැකි වනු ඇති බවත් වින්ඩෝස් සම්ප්‍රධායික භාවිතාව දෙසට මුල් හැරවුමේදී පෙන්වූ නොහිතවත්කම මදක ලිහිල්කර ගන්නට සිදුවෙනු ඇති බවටයි එම හදාරන්නන් අවධාරනය කර සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...