2013-12-11

නුදුරු අනාගතයේදීම ඇපල් හා මයික්‍රසොෆ්ට් එකි නෙක යාවනු ඇත.(හදාරන්නෙක් පවසයි)

  සාමන්‍ය අර්ථයේදී ව්‍යාපාරිකයා අර්ථ දැක්වෙන්නේ මද අඩු අර්ථයකින් වීම සුලබව සිදුවන්නෙකි. ලාභය පලමු අරමුන දෙවන අරමුන ලෙසට නොව සම්පූර්න අරමුන ලෙසට වන විට ඔහු දෙස එවැනි අර්ථයක් ලැබීම අරුමක්ද නොවනු ඇත. ඉදහිට ව්‍යාපාරික පදනම මත වුවද ක්‍රියාත්මක වෙමින් මිනිස් වර්ගයාගේ ජීවන රටාව සැලකිය යුතු ලෙසට වෙනස් කරන්නට සමත් ව්‍යාපාරිකයන්ද නැතිවාම නොවේ. ඔවූහු ලබන ලාබය නැවත නැවතත් වඩ වඩාත් කාර්යක්ශම සිත්ගන්නා සුලු නිෂ්පාදනයන් සදහා යෙදවන අර්ථමත ක්‍රියාත්මක වෙමින් නැවත නැවතත් සමාජය මතටම එවීම ඔවුනගේ ව්‍යාපාරික දැක්මවීම ඒවායේ කැපී පෙනෙන ලක්ෂන වන්නේය. ස්ටීව් ජොබ්ස් , බිල් ගේට්ස් එවනි මෑත කාලීනව අප දකින මිනිසුන්ය. ඔවූහු හුදු ධන කුවේරයන් වනවාට වඩා  අර්ථයකින් තම ව්‍යාපාර දකින්නෝ වූ බව හදාරන්නන්ගේ මතයයි.
                                                 ඇපල් ආයතනය මෙන්ම මයික්‍රසොෆ්ට් ආයතනය අප ජීවිත වලට ගෙන එනු ලැබූ වෙනස සුලු ප‍ටු නොවන බව පිලිගත් මට්ටමේ හදාරන්නන් පවා කොන්දේසි විරහිතව එකග වන කාරනයකි.කාලයත් සමග මයික්‍රසොෆ්ට් සමාගම තමන් මෘදුකාංග සමාගමක් ලෙසට පමනක් වූ සීමාව ඉක්මවා යමින් සේවා හා භාන්ඩ සමාගමක් දෙසට චලනය වීම මේ වන විට ඇරබී ඇත. වඩාත් හුරුබුහුටි වෙමින් ඇති තොරතුරු ලෝකයේ භාවිතාවන් සමග සමාන්තරව ගමන් කරන්නට නම් එවැනි වේනස් කමක් අත්‍ය අවශ්‍ය බව ඔවුන් පිලි ගනිමින් සිටී.ආරම්භයේදී අන්‍ය ඔන්‍ය සහයෝගයෙන් ඇරබි ගමන්මග පසු කාලීනව වෙන වෙනම යන්නක් බවට පත්වුවද දෙවන තලයේ මද විරසකයන් පලවන අවස්ථාවද විරලම නොවූ ගමන් මගක එම ආයතන දෙක ගමන් කරමින් සිටියද පදනම් තලයේදී වෙන කිසිම සමගම් සමග වූවාට වඩා සමීප බවක් හදාරන්නන් පෙන්වා දෙමින් සිටී.
              හදාරන්නෙක් මෑතකාලීනව පලකල මතයක් වූවේ ඉදිරි වසර පහ හෝ හය ඇතුලත මෙම අයතන දෙක එකි නෙක යාවීම සිදුවනු ඇති බවය. ඔහු යෝජනා කරන්නේ Google, Android, facebook වැනි සේවා ඔස්සේ ගොඩ නැගෙමින් ඇති නව අවකාශයේ තම ස්ථාවර ‍රැක ගන්නට මෙම පියවර අත්‍ය අවශ්‍ය වනු ඇති බවය.ඔවුන්ගේ උපාංග හා මෘදුකාංග තලයන්ගේ යාවීම ඔස්සේ වඩාත් ආරක්ශිත, පුලුල් දත්ත අවකාශයක් භාවිතාකරන්නා වෙතට පැමිනීම භාවිතාකරන්නන් දෙසින් ලබන ඉමහත් සහනයක් වනු ඇති බවටයි එම හදාරන්නා  පවසා සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...