2013-11-06

IE 9 ගූගල් ඇප් සහය අවසන්වේ!!!!

  ගූගල් ආයතනය නිවේදනය කර සිටින්නේ තම Google Apps සහය දක්වන බ්‍රවුසර සංස්කරන අතරින් Internet Explorer 9 සංස්කරනය වෙත සහය දැක්වීම එලබෙන සතියේ සිට අවසන් වන්නට නියමිත බවකි. ගූගල් ආයතනය දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති පරදි තම ඇප් සදහා සහය දක්වන බ්‍රවුසර සංස්කරන වන්නේ ඔනෑම බ්‍රවුසර නිකුතුවක අවසන් සංස්කරනය හා ඊට පෙර අවසන් සංස්කරනය පමනක් වනු ඇති බවයි.මේ අනූව ඊට පෙර සංස්කරනයකසිට යම් භාවිතාකරන්නෙක් ගූගල් ඇප් භාවිතාවකට උත්සාහ කරන විට මතුවන පනිවිඬයක් ඔස්සේ දැනට සහට දක්වන සංස්කරන වෙත බ්‍රවුසරය යාවත්කාලීන කර ගන්නා ලෙසට පැවසෙනු ඇත.පසුගිය ඔක්තෝබර 17දා වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරන නිකුත්වීමත් සමග ගූගල් ආයතනය එක්ස්ප්ලොරා 9 වෙත තම ඇප් සදහාවූ අවධානය අවසන් කරන්නට කටයුතුකල අතර මේ වන විට windows 7 sp1 වෙතද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 පෙර සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.බොහෝ මෘදුකාංග ආයතනයන් තම නිෂ්පාදනයන් සදහා වින්ඩෝස් XP සංස්කරන සදහා හා ආශ්‍රිත සංස්කරන සදහා සහය දැක්වීම එලබෙන වසරේ පලමු කාර්තුවේසිට සිදුවන්නට සැලසුම් ඇති බවටයි දක්නට ලැබෙන්නේ.
 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...