2013-10-05

Skype සේවාව බහු උපකරන භාවිතයට වඩාත් මිත්‍ර වෙමින්

  ලොව පුරා වෙසෙන භාවිතාකරන්නන් අතිමහත් පිරිසක වෙත රාජිකාරී මට්ටමේ මෙන්ම පෞද්ගලික ජීවිතයේදීද දුර බැහැර වෙසෙන්නන් සමග පහසුවෙන් අදහස් හුවමරු කරගන්නට සහයවන සේවාවක් වන Skype හි නව සංස්කරනයක නිකුතුවක් පිලිබදව මේ වන විට නිවේදනය වී තිබෙනවා.මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සමග එන ප්‍රධාන CHAT පහසුව ලෙසට ගැනෙන මෙම සේවවේ text මට්ටමේ භාවිතාවන් සදහා නවාංගය හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බවටයි නිවේදනය වන්නේ. වේගයෙන් බහු දත්ත උපාංග භාවිතය ජීවිත වලට පැමිනෙමින් ඇති වටපිටාවක එක් උපාංගයක කරගෙන ආ කාරනාවක් ඉලග මොහොතේ සිට වෙනත් උපාංගයක් සමග පහසුවෙන් කරගෙන යන්නට අවශ්‍යවීම බහුල අවශ්‍යතාවයක් ලෙසට පිලිගැනෙමින් ඇති වටපිටාවක Skype ඔස්සේ භාවිතකරන්නෙකු පවත්වමින් සිටි Chat භාවිතාවක් පසුව වෙනත් උපාංගයක් සමග පහසුවෙන් පවත්වාගෙන යාමට සහය වන synchronize වීමේ හැකියාව ඔහුගේ සියලු උපාංග සදහා හදුන්වාදීම මෙහිදී සිදුවනු ඇති බවටයි පවසා සිටින්නේ.මෙම හැකියාව ඉදිරි මාස වලදී ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතමුදා හරින්නට නියමිත බවටයිවැඩි දුරටත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ.එසේම ස්කයිප් කන්ඩායම ඉදිරියේදී ක්ලවුඩ් මූලික සේවාවක් ලෙසට Skype සංවර්ධනය කිරීමේ වැඩ පිලිවලක් ගැන සඳහන් කරමින් පවසා සිටින්නේ වඩාත් පැහැදිලි හඬ හා වීඩියෝ පහසුවක සිට තවත් මවිතකරවන සුලු මට්ටමේ නවාංග හදුන්වාදීමට බලාපොරොත්තුවන වන බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...