2013-10-05

Android සමග dual boot දුරකතනයකට මයික්‍රසොෆ්ට් යෝජනාවක්!!!!

  මයික්‍රසොෆ්ට් ආයතනයට ස්මාර්ට් දුරකථන වෙළඳ පොල තුල වන අඩු භාවිතාව ජය ගැනීම සදහා ඉමහත් උත්සාහයකින් කටයුතු කරන බවටයි නවතම තොරතුරු හෙලි කරන්නේ. මෑතකදී ඔවුන් HTC වෙත ගෙනෙන ලද නවතම යෝජනාවක ලෙසට දැක්වෙන්නේ Android සමග dual මෙහෙයුම් පද්ධති උපාංගයක් ලෙසට භාවිතාකරන්න වෙත ගෙනයන්නට කටයුතු කරන ලෙසයි.වින්ඩෝස් හි phone 8 මෙහෙයුම් පද්ධතිය සදහාවන බලපත්‍ර ගාස්තුවලින්ද තොරව එම නව එකගතාවය වෙත පිවිසෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනය සූදානම් බවටයි  වැඩි දුරටත් හෙලි වන්නේ.මයික්‍රසොෆ්ට් සමාගමේ මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලොව භාවිතාව තුල සියයට 3.7ක භාවිතවක් ලබමින්  Android හා iOS මෙහෙයුම් භාවිතාවන්ට පි‍ටුපසින් සිටින අතර BlackBerry ඉක්මවමින් ඉදිරියයට පැමින තෙවන ස්ථානයට පත්ව ඇති බවටයි වාර්ථා පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...