2013-10-15

වින්ඩෝස් 8.1 සමග වඩාත් නම්‍ය Start Screen භාවිතාවකට

  වින්ඩෝස් 8.1 සමග පැමිනෙන් නව අංගයන් අතර වඩාත් නම්‍යව මෙහෙයුම් පද්ධතිය සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන්නාවෙත පැමිනීම ප්‍රධාන තැනක් ගනී. එකම wallpaperය Start ස්ක්‍රීනයට මෙන්ම පැරනි Destop මුහුනත මතටද ගෙනෙන්නට හැකිවීම භාවිතාකරන්නා වෙතින් Start screen එක දෙසට පලවන නුහුරු බව ඉක්මවා යාමට සහය වනු ඇති බවටයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ.එසේම පසුබිමේ වන headings වල වර්ණය සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන්නා වෙත වැඩි පහසුවක් වනු ඇති බවටත් පවසා සිටිනවා. වින්ඩෝස් 8 සංස්කරනයට වඩා වින්ඩෝස් 8.1 වලදී Tiles වලට ගෙන ආ හැකි වෙනස්කම්  කිහිපයක්ම හදුන්වා දී තිබෙනවා.ඒවා අතර අවශ්‍ය නම් Live Tiles සාමන්‍ය Tile එකක් බවට පත්කර ගැනීමට හැකිබව ඒවයේ ප්‍රමානය වෙනස් කර ගන්නට හැකි බව මෙන්ම දැනට start ස්ක්‍රීනයේ නොමැති ඇප් එකක් පහසුවෙන් එයවෙත ‍රැගෙන එන්නට "Pin to Start’ සමග පහසුවීම දක්වා තිබෙනවා.තවත් අතකින් එකවර Tails කිහිපයක් තොරා ගනිමින් ඒවා ඉවත්කරන්නට හැකිවීම හා 'All Apps'  වල ඒවා ස්ථාපනය කරන ලද දිනය අනූව වැඩි පුර භාවිතාව සමග වැනි ලෙසට යලින් පෙල ගස්වා ගැනීමේ හැකියාව ඔවුන් දක්වා සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...