2013-09-18

You Tube සදහා offline mode මොබයිල් ඇප් පහසුවක්


 ඔබ වඩාත් කැමතිවන You Tube වීඩියෝවක් ඔබගේ මොබයිල් උපාංගය ඔස්සේ නැවත නැවත දකින්නට ඔබ කැමතිවන මුත් ඔබගේ cellular network හි මතුවන යම් යම් බාදාවන් නිසා නොහැකිවන අවස්ථා අත්විඳ තිබෙනවා වන්නට පුලුවන. අද ගූගල් ආයතනය පවසා සිටියේ මෙවැනි අවස්ථාවල් නැවත අත්විදින්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් ඇති නොවනු පිනිස තම මොබයිල් ඇප් භාවිතාකරන්නන් සදහා නිකුත්වන නව අංගයක බීටාවක් එලබෙන නොවැම්බරයේ නිකුත්කරන්නට තම සැලසුම් කරමින් සිටින බවකි.තම YouTube සේවාවට offline mode අංගයක් ලෙසට පැමිනෙනට නියමිත මෙම නවාංගය ගැන දැනට ආයතනය වැඩි දුර විස්තර පල නොකර සිටින නමුත් බහුල You Tube භාවිතාකරන්නන් සදහා මෙම හඳුන්වාදීම සහනයක් වනු ඇති බවකි. තවමත් වින්ඩෝස් ෆෝන් සදහා වනYouTube app වල ගැටලුව නොවිසදී ඇති අතර පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය ඒ සදහා හඳුන්වා දුන් app විසදුම ගූගල් විසින් block කර දමන්නට කටයුතු කරනු ලැබුවේ එය තම සේවාවේ කොන්දේසිවලට පටහැනි බව පවසමිනි

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...