2013-09-03

Xbox one සදහා IllumiRoom එකතුවීමට මිල අධික බව බාදාවක්!!!!

    Microsoft සමාගම තම IllumiRoom සංකල්පය හදුන්වා දෙමින් පවසා සිටියේ භාවිතාකරන්නාගේ අවකාශය එහි ප්‍රධාන තිරය වූ රූපවාහිනියේ සීමාවෙන් ඔබ්බට ගොස් පසුතලයේ ඇති බිත්තියක් වැනි තලයන් මතටද විසුරුවාලමින් වඩාත්  පුලුල් හා ආකර්ශනීය වින්දනයක් ගෙනෙන්නට සමත්වනු ඇති බවකි. එසේම පසුව වාර්ථාවූවේ ඔවුන් එම අංගය තම Xbox One සමග add-on එකක් ලෙසට නිකුත් කරන්නට බලාපොරොත්තු වන බවකි. මෙම IllumiRoom gaming projector සංකල්පය තවමත් අත්හදා බැලීමේ අවසාන මට්ටමේ පවතින අතර ආයතනය පවසා සිටින්නේ මෙම අංගය තම Xbox One සමග පැමිනෙන්නට එහි වන මිල අධික බව බාදාවක් වෙමින් ඇති බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඒ සදහ අවශ්‍ය වන projectors  හා අනෙකුත් උපකරන සදහා අමතරව ඩොලර් දහස් හනනක වැයක් දැනට එකතුකරන්නට සිදුවනු ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...