2013-09-26

මයික්‍රසොෆ්ට් Surface mini ලබන වසරේ පැමිනේවි.....

  මයික්‍රසොෆ්ට් දෙවන පරම් පරාවේ Surface උපකරනය මේ වන විට නිල ලෙස නිකුත් කොට හමාරය. එසේම මයික්‍රසොෆ්ට් ආයතනය නිල වශයෙන් පලමු පරම්පරාවේ Surface උපකරන අලවිය මේ වන විට අවසන් කොට ඇති බවටයි පවසා සිටින්නේ. එසේම මේ වන විටත් මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රමානයෙන් කුඩා Surface  උපකරනයක් පැමිනෙන බවට තහවුරු කර ඇත.මෑතකදී පලවූ වාර්ථාවක් පවසා සිටියේ එය බොහෝ විට මෙම වසරේ දෙසැම්බරයේ පමන වන විට නිල ලෙස ප්‍රකාශ කරන්නට නියමිත බවකි.එම වාර්ථා වැඩි දුරටත් පවස සිටින්නේ මෙම Surface mini  උපකරනය දැනට වෙළඳ පොලෙහි පවතින  iPad Mini හා Google Nexus 7 ඉලක්ක කරගමින් නිෂ්පාදනය වනු ඇති ඇති බවයි. 3G හා 4G සබදතාවයන් සහිතව පැමිනෙන්නට ඉඩ ඇති මෙම උපකරනය Qualcomm Snapdragon 800 ප්‍රොසෙසරයකින් සමන්විතව අඩු බල වැයක් හා දිගු කාලීන බැටරි බලයක් සදහා හිතැතිව පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ.අඟල් 7-5 ප්‍රමානයේ තිරයක සහිත පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවන මෙහි නිෂ්පාදනය 2014 වසරේ පලමු කාර්තුව තුල ඇරබෙනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.බොහෝ විට ඩොලර් 249 අවට මිලකට මිල කෙරෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම උපාංගය මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන වඩාත්ම ආකර්ශනීය Tablet  නිකුතුව වනු ඇති බවටයි විචාරය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...