2013-09-05

Samsung වෙතින් Galaxy Gear smartwatch නිල නිවේදනය නිකුත්වේ...

   බර්ලින් නුවර පැවතෙමින් ඇති හමුවකදී Samsung ආයතනය මේ වන විට තම Galaxy Gear smartwatch උපාංගය නිල ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. සති ගනනක් තිස්සේ තොරතුරු ලෝකය වෙත පැමිනෙමින් තිබූ නෙක නොනිල තොරතුරු අවසන්කරමින් එම ආයතනය පවසා සිටියේ එලබෙන 25 දින  තම Galaxy Note 3 smartphone උපකරනයද සමග Galaxy Gear smartwatch  උපකරනය වෙළඳ පොලට නිකුත්කරන්නට නියමිත බවයි. ඇන්ඩ්‍රොයිඩ් මූලික මෙම ස්මාර්ට් අත් ඔරලෝසුව අඟල් 1.63ක Super AMOLED  display එකකින් සමන්විත වන අතර මෙගා පික්සල 4ක කැමරාවකින්ද සම්න්විතවන බවටයි දැක්වෙන්නේ.
                              800MHz ප්‍රොසෙසරයකින් , ගිගාබයිට 4ක ගබඩා හැකියාවක් හා මෙගා බයිට 512ක ‍රැම් හැකියාවක් මෙන්ම ස්පීකරයකින්ද සමන්විත වන බවටයි පැවසෙන්නේ. එසේම වර්ණ හයකින් තොරා ගැනීමේ අවස්ථාද සමග එය වෙළඳ පොලට පැමිනෙන්නට නියමිතව තිබෙනවා.Galaxy Gear උපකරනය සදහා මේ වන විට ඇප් 70ක සහය හිමිවන බවටත් වැදිඩුරටත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.මිල ඩොලර් 299ක් බවටත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.එසේම Qualcomm ආයතනයද තම ස්මාර්ට් අත් ඔරලෝසුව පිලිබදව තොරතුරු හෙලිකර සිටින අතර එය wireless headsets  එකකද සමග පැමිනෙන්නට නියමිත බවත් 2013 අවසාන කාරුතුවේ පමන වෙළඳ පොල වෙත නිකුත්කරන්නට හැකි වනු ඇති බවටත් පවසා සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...