2013-09-06

ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයට වැඩි දියුනුකල "offline Chrome Apps," ගෙන එයි......

   ගූගල් ආයතනය 2011 දී Chromebooks  හඳුන්වාදෙනු ලැබුවේ බ්‍රවුසරය මූලික පරිගණක භාවිතවකට අවකාශයක් නිර්මාණය කර දෙමිනි. ක්ලවුඩ් මූලික මෙම භාවිතාවේ සිට offline භාවිතාවකට පහසුකරමින් මේ වන විට ගූගල් ආයතනය නව "Chrome Apps,"  හදුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා.ඔවුන් පවසන්නේ මේවා බ්‍රවුසර මූලිකව ක්‍රියාත්මක වුවද අන්තර්ජල සබදතාවය නොමැතිව වුවද ක්‍රියාත්මක කරන්නට හැකි වනු ඇති බවයි. පෙර නිකුත්කර තිබූ මිට සමාන Crome Apps මෙන් නොව මෙම නව ඇප් සමග එවායේම UI මුහුනත් සමග වෙනම ධාවනය වීමේ හැකියාව පවතින බවටයි ඔවුන් පවසන්නේ. භාවිතාකරන්නන් හට tablet ආකාරයට සමාන අත්දැකීමක් ‍රැගෙන එන මෙම නව පහසුවන් Windows, Mac හා Linux සමග පහසුවෙන් දත්ත හා ඇප් හැකියාවන් බෙද හදා ගැනීමට සූදානම් බවටයි පවසා සිටින්නේ. භාවිතාකරන්නෙකුට තම desktop වල සිටම කෙලින්ම ක්‍රියාත්මක කල හැකි මෙම  Chrome Apps  දැනට Windows හා Crome OS සදහා සහය දක්වන සංස්කරන නිකුත්ව ඇති අතර ඉදිරියේදී Mac හා Linux  සදහා නිකුත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...