2013-09-26

NOKIYA වෙතින් නව උපාංග 6ක්!! Dell යලිත් ARM tablet වෙළඳ පොලට!!

  මයික්‍රසොෆ්ට් හා අත්වැල් බඳගත් NOKIYA ආයතනය  එලබෙන ඔක්තෝබර 22දා තම  Nokia World press event සමග නව උපකරන 6ක් පිලිබදව ප්‍රකාශයට පත්කරනු ඇති බවටයි වාර්ථාවන්නේ. එලබෙන 2014 ප්‍රතම කාර්තුවේ වෙළඳ පොලට නිකුත්වෙතැයි බලාපොරොත්තුවන මෙම ඉදිරිපත් කිරීම් වෙනුවෙන් එම ආයතන ය තම උපරිම ධාරිතාවයෙන් කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. දැනටමත් නිඅල් නොවන ලෙසට පලවී ඇති තොරතුරු වලට අනුව ඔවුනගේ  6-inch Lumia 1520 සමග උපාංග ලොකයේ එකි නෙකට වෙනස් පුලුල් අවකාශයක පැතිරුනු උපකරන පෙලකින් මෙම ඉදිරිපත්කිරීම සමන්විත වන්නට ඉඩ ඇති බවටයි පිලිගැනෙන්නේ.
  මේ අතර Dell  ආයතනය එලබෙන සතියේදී තම හමුවකදී ARM-based Windows table උපකරනයක් නිකුත්කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි අලුත්ම වාර්ථාවක් පවසන්නේ. ඊයේ වන විට මයික්‍රසොෆ්ට් ARM tablet වෙළඳ පොලතුල එකම නිෂ්පාදකයා වනු ඇති බවට වූ අනාවැකිය යලිත් වෙනස් වනු ඇති බවටයි විචාරනය වන්නේ.අඟල් 10.8 මට්ටමේ මෙම උපකරනය Qualcomm ප්‍රොසෙසරයකින් හා 2GB ‍රැම් මතකයකින් සමන් විත වනු ඇති බවටත් හා 64 මෙගා බයිට ස්තීර මතකයකින් මෙන්ම 4G LTE ස්තීරව සවිවූ රිසීවරයකින්ද සම්න්විත වනු ඇති බවටයි හෙලිව ඇති තොරතුරු පවසන්නේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...