2013-09-29

LibreOffice නව සංස්කරනයක් නිකුත්වේ!!!!

  ලොව බහුලතම පරිගණක භාවිතාවක් වන office මෘදුකාංගය සදහා මයික්‍රසොෆ්ට් ආයතනයේ මෘදුකාංග නිකුතුව වැඩිම ආකර්ශනයක පවතින විසදුමකි.එහෙත් පෞද්ගලික මට්ටමේ මෙන්ම අඩු බ‍රැති භාවිතාවන් ඔබගේ අවශ්‍යතාවය වන විට එතරම් මිල අධික විසදුමකට ඔබ යොමුවීම අනිවාර්ය නොවනවා විය හැක. LibreOffice මෘදුකාංගය සියලුම  ප්‍රධාන මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් ( Windows, Macintosh හා Linux)  කටයුතු කරන්නට සූදානම්ව පැමින ඇති අතර එහි වන  Writer, Calc, Impress, Draw, Math හා Base මෘදුඅංග සමග ඔබගේ බොහෝ  දත්ත සැකසුම් කටයුතු  හොඳුන් ඉ‍ටුකර දෙන්නට සූදානම්ව සිටින බවටයි ඔවුන් පවසන්නේ.
                    එහි වන Writer සමග ඔබගේ වදන් සැකසුම් කටයුතු කරගන්නට සහයවන්නට හැකි වන අතර Calc සමග සංක්‍යා මූලික කටයුතු වලදී සහයවන්නට සුදානම්ව සිටී.ඔබගේ  multimedia presentations කටයුතු සදහා Impress විසඳුමක් ගෙනෙන්නට සූදානම්ව සිටින අතර Draw සමග diagrams , sketches කටයුතු සදහා සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.එසේම databas කටයුත්තකදී Base ඔබගේ සහයට පැමිනෙනට සූදානම් බවටත් ඔවුන් පවසනවා.තවත් බොහෝ පහසුකම් සමග පැමින ඇති මෙම මෘදුකාංගයේ භාවිතාකරන්නගේ මුහුනත් ආදියද පෙරකාලයේ මෙන් හැසිරවීමට අපහසු නොවන ලෙසට (භාවිතාකරන්නා මිත්‍ර) පැමින තිබීම නව භාවිතාවක් අත්හදා බලන්නට තීඑනය කරන ඔබට පහසුවක් වනු ඇත.
http://ftp5.gwdg.de/pub/tdf/libreoffice/stable/4.1.2/win/x86/LibreOffice_4.1.2_Win_x86.msi

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...