2013-09-19

iOS 7 ලබා ගැනීමට සදහා දැඩි තදබදයක්.....

  ඇපල් ආයතනය මේ වන විට තම මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය වන iOS 7 නිකුත්කොට තිබෙනවා. පලවන නවතම වාර්ථා පවසන්නේ ඇපල් හි activation servers දැඩි කාර්යබහුලත්වයක පවතින බැවින් භාවිතාකරන්නන් හට නව සංස්කරනය බාගතකර ගැනීම ආරම්භකිරීමට අපහසු තත්වයක් පවතින බවය. ආයතනය තුල සේවක මහතුන් වෙත නව මෙහෙයුම් පද්ධතිය activate කරන්නන් සදහා වැඩි අවධානයකින් කටයුතු කරන්නට උපදෙස් නිකුත්ව ඇති බවටත් තොරතුරු පලවෙමින් තිබෙනවා.පලවෙමින් ඇති තොරතුරු වැඩි දුරටත් පවසන්නේ සමහර servers අක්‍රිය තත්වයක පවතින බවකි. සමහර භාවිතාකරන්නන් තම iPhone වෙත නව සංස්කරනය ලබා ගන්නට තැත්කිරීමේදී "Software Update is not available at this time. Try again later." ලෙසට වන පනිවිඬයක්ද ලැබෙමින් ඇති බවටද පල වෙමින් තිබෙනවා. එලබෙන සිකුරාදා ඇපල් ආයතනයේ ස්මාර්ට් දුරකථනයේ නව සංස්කරනයන් වන iPhone 5s හා 5c නිකුත්වීමට නියමිතව ඇති අතර නව භාවිතාකරන්නන් සදහා තම සර්වරයන් සූදානම්ව තැබීමේ වගකීම සදහා ඇපල් ආයතනය දැඩි වගකීමකින් කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් වාර්ථා වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...