2013-09-18

internet explorer සදහා හදිසි යාවත්කාලීනයක් නිකුත්වේ......

   මයික්‍රසොෆ්ට් සම්ප්‍රධාය වනුයේ මාසිකව තම මෘදුකාංග සදහා යවත්කාලීන නිකුත්කිරීමයි.එසේමුත් කලාතුරකින් ආයතනය තම සාමන්‍ය සම්ප්‍රධාය ඉක්මවමින් යාවත්කාලීනනිකුත් කරන්නට කටයුතු කරනු ලබන්නේ සැලකිය යුතු මට්ටමේ අවස්ථාවකදීය.ගෙවී ගිය දිනයේ මයික්‍රසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ internet explorer හි 8 හ 9 සංස්කරන සදහා හදුනාගෙන  ඇති දුර්වලතවයක් ඉලක්ක කරගනිමින් පිලිසකර යාවකාලිනයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි.ආයතනය වැඩිදුරටත් පැවසන්නේ remote code execution ආකාරයක පහරදෙන්නෙකුට භාවිතාකලහැකි දුර්වලතාවයක් මෙම යාවත්කාලීනය සමග පිලිසකර වනු ඇති බවකි. ආයතනය වැඩි දුරටත් උපදෙස් දෙමින් පවසා සිටින්නේ භාවිතාකරන්නන් තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරයේ security settings වල  "High"  දක්වා වෙනස් කිරීම තුලින් ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැමිනෙන්නට ඉඩ ඇති ActiveX Controls  හා Active Scripting  පහරදීම් සදහා ආරක්ශිත පියවරක් වනු ඇති බවයි.

ආරක්ෂිත පරිගණක භාවිතාවකට..

අද වන විට ඔබගේ පෞද්ගලිකත්වය සහ ඔබගේ පරිගණකය වෙන් කල නොහැකි එකි නෙක සම්බන්ඳිතයක් වෙමින් ඇත. එලබෙමින් ඇති AI මූලික පරිගණකය මේ බවද ඉක්මවමින් ඉද...