2013-09-20

Internet Explorer 11 බ්‍රවුසරය 30%ක වැඩි වේගයක් සමග පැමිනෙනු ඇත....

  මයික්‍රසොෆ්ට් සමාගම තම සෙයුම් යන්ත්‍රයේ මීලග සංස්කරනය වන Internet Explorer 11 හි පෙර සංස්කරනයක් windows 7 සදහා නිකුත් කොට තිබෙනවා.ඒ සමග මයික්‍රසොෆ්ට් සමාගම තම නව සෙයුම් යන්ත්‍රයේ නව සංස්කරනය පිලිබදව තොරතුරු කිහිපයක්ද හෙලි කොට තිබෙනවා.ඔවුන් පවසා සිටින්නේ තම නව සෙයුම් යන්ත්‍ර සංස්කරනය windows 7 සමග අනෙකුත් බ්‍රවුසරයන්ට වඩා 30% කින් වේගවත්ව ක්‍රියාත්මක වන බවයි. එසේම තම පෙර සංස්කරනය වන Internet Explorer 10 ට වඩා 9ම ගුනයක වේගයකින් වෙබ් පි‍ටුවක් ලබාගන්නට හැකි වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මෙම නව ප්‍රවනතාවය පි‍ටුපස ඇති තාක්ශනික පසුබිම internal JavaScript engine එකක බවටයි වැඩි දුරටත් හෙලි කර සිටියේ. එසේම පවතින වෙබ් ප්‍රමිතීන් සමග වඩාත් හොඳින් ක්‍රියාකරනවා සේම new web standards සමගද හොඳින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ශනික දියුනු කිරීම් මෙම නව බ්‍රවුසරය සමග වන බවටයි දක්වා සිටින්නේ. keyboard, mouse, pen හා touch සමගද එකසේ හොඳින් ක්‍රියාත්මක වීමට හැකිවන සේ නව සංස්කරනය දියුනු කර ඇති බවයි වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වෙතත් තවමත්  Internet Explorer 11 හි වින්ඩෝස් 7 සදහා වන අවසන් සංස්කරනයක් නිකුත් කරන්නට නියමිතව නොමැති මුත් එම බෙන ඔක්තෝබර 18 වැඩ්නි දාට යෙදී ඇති වින්ඩෝස් 8.1 නිකුතුව සමග  Internet Explorer 11 පැමිනෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...