2013-09-28

IE දුර්වලතාවය හිතුවාට වඩා හානිකරයි!! --හදාරන්නන් පවසයි--

  පලවන නවතම වාර්ථා පවසන්නේ හදුනා ගෙන තිබූ internet explorer හි පෙර සැකසුම් දුර්වලතාවය (zero-day vulnerability)බලාපොරොත්තු වූවාට වඩා හානිකර ලෙසින් බලපාමින් තිබෙන බවකි. පසුගිය ජූලි මාසයේ සිටම මෙම දුර්වලතාවය ඔස්සේ ඉලක්ක ගතව පහර දෙමින් සිටින තායිවාන ආයතනයනයක් පිලිබදවද ඔවුන් තොරතුරු හෙලි කරමින් සිටිනවා.මයික්‍රසොෆ්ට් ආයතනය් සැප්තැම්බර 17 පවසා සිටියේ IE 8,9 සංස්කරන භාවිතාකරන්නන් කල්පනාකාරීවීම වැදගත් වනු ඇති බවයි.ඔවුන් "Fix it" මට්ටමේ සිසඳුමක්ද නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා.තවමත් මෙම දුර්වලතාවය සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත් කරන්නට එම ආය්තනය කටයුතු කොට නොමැති වනවා.
  හදාරන්නන් පිරිසක පසුගියදා ප්‍රකාශ කොට සිටියේ අගෝස්තු  19 සිටම ජපන් ආයතනයක් වෙතද මෙම දුර්වලතාවය ඔස්සේ පහර එල්ල කරමින් සිටිනු තමන්ට හමුව ඇති බවයි.IE 8,9 සංස්කරන මූලිකව මෙම පහර දීම සදහා යොදා ගන්න නමුත් IEහි සියලුම සංස්කරන සදහා මෙම දුර්වලතාවය පොඳු බවත් හා පහර දෙන්නන් මෙම දුර්වලතාවය භාවිතයේදී වින්ඩෝස්XP හා වින්ඩෝස් 7 භාවිතාකරන්නට වඩාත් පෙලබෙමින් ඇති බවත්ය.තවත් හදාරන ආයතනය පවසා සිටින්නේ වින්ඩෝස් මූලික පරිගණක වලින් 70%ක්ම ආසාධිත මට්ටමේ පවතින බවයි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...