2013-09-30

IBM වාර්ථාවක් බොහෝ ආයතනිකව වන නොසැලකිලිමත් බව පෙන්වයි....

  IBM වෙතින් නිකුත්වන ආරශක වාර්ථාවක් පවසන්නේ  පහරදෙන්නන් සමාජ ජාලා හා මොබයිල් භාවිතාවන් ඉලක්ක කිරීම වේගයෙන් වැඩි වෙමින් ඇති බවයි. වැඩි පිරිසක් ගැවසෙන සමාජජාලා ගිනුම් ඔස්සේ තම අරමුනු ඉ‍ටුකරගන්නට මාන බලන පහදෙන්නන්ගේ ප්‍රවනතාවය ඉහල යමින් පවතින බවටයි ඔවුන් පවසන්නේ. පහර දෙන්නන්කේ ක්‍රම උපායන් වඩාත් විදිමත් වීමේ වැඩි ප්‍රවනතාවයක් ගැන පවසන ඔවුන් සමාජ ජාලා ඔස්සේ කරනු ලබන පහරදීම් වඩාත් වියසනාත්මක වන්නේ වැඩි පිරිසකට එකවර ඉලක්කවීමේ හැකියාව නිසා බව පවසයි.
              මොබයිල් මට්ටමේ පහරදීම් සැලකිය යුතු මට්ටමකින් ඉහල යමින්පවතින බවට පවසන ඔවුන් මොබයිල් භාවිතාවල් සමග පැමිනෙන දුර්වලතා සැලකිමේදී ඒවා වාර්ථාවන්නේ අඩු ප්‍රතිශතයකින් බවට පවසා සිටී. සේවකයන් හට තම පෞද්ගලික දත්ත උපාංග කාර්යාල තුල භාවිතයට ඉඩ ලැබීම( "BYOD) තත්වය වඩාත් නරක කරන්නක් විය හැකි බවටයි දක්වා සිටින්නේ.එසේම පහර දෙන්නන් ආයතනික මට්ටමේ පහර දීම් වලදී DDoS වැනි පහර දීමක් ඔස්සේ එහි තොරතුරු තාක්ශන සේවකයන් අවධානය එ වෙත යොමුකර තමන්ගේ සැබෑ ඉලක්කගත පහදීම් සදහා අවස්ථවල ලබා ගන්න ආකාරය වැඩි යෙන් දක්ව්න ලැබෙන බවටයි පවසන්නේ. විටක බැංකුවක් වෙතට  DDoS ප්‍රහාරයක් අතරේ එහි භාවිතාකරන්නන් වෙත පහර දෙන්නන් පවසා සිටින්නේ අදාල බැංකුවෙ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට යටත්ව ඇති බැවින් ඔවුනගේ ආරක්ශාව සදහා විකල්ප වෙබ් ලිපිනයක් ලබා දෙමින් එය භාවිතා කරන ලෙසට උපදෙස් දීම වන අතර එම වෙබ් ලිපිනය භාවිතාකරන්නාව ආසාධිත ප්‍රහාරයකට පහසුවෙන් හසුකර ගනී. බොහෝ විට ආයතනික මට්ටමේ ප්‍රහාරයන් පසු පස දුර්වල මට්ටමේ ආරක්ශක පියවර තිබෙන බව පවසන එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ ආයතන ප්‍රහාරයකින් පසුව තමන්ගේ ආයතනයේ ගරුත්වය ගැන කටයුතු කරනවාට වඩා වඩාත් ආරක්ශිත වටපිටාවක් ඔස්සේ තම තොරතුරු තාක්ශන කටයුතු කරගෙන යාම වැදගත් වනු ඇති බව පවසයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...