2013-09-05

ෆැබ්ලට් භාවිතාවට නව යුගයක ‍රැගෙන Galaxy Note III පැමිනේ.....

  Samsung ආයතනය පවසා සිටින්නේ තමන්ගේ Galaxy Note III  ෆැබ්ලට් උපකරනය සුදානම් බවයි. නවාංග කිහිපයක් සමග වඩාත් විශාල තිරයකින් සම්න්විතව පැමිනෙන මෙම ෆැබ්ලට් දුරකථනය පිලිබදවද මේ වන විට නිල ලෙසට එම ආයතනය නිවේදනය කොට තිබෙනවා.2011 වසරේදී නිකුත්වූ Galaxy Note හා සැසදීමේදී එහි ශර්ශන තලයේ විශාලවීම පිලිවලින් 5.3 , 5.5 හා Galaxy Note III  වලදී 5.7 අඟල් ලෙසට නිවේදනය වනවා.මූලිකව 1.9 GHz Octa-core (3G), 2.3 GHz Quad-core (LTE) ප්‍රොසෙසර් හැකියාවක් , 3GB ‍රැම් හැකියාවක් ,32 හෝ 64 GB ගබඩා හැකියාවක් සමග මෙගා පික්සල 13ක කැමරාවක් එය සමග වන බවටයි නිවේදනය වූවේ.
                                           වැඩි ආරක්ශාවක් මෙන්ම භාවිතාකරන්නා වඩාත් නිදහස් කිරීමේ ස්වභාවයෙන් යුත් හැසිරවීමේ හැකියවක් ඔවුන් එහිදී හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා.ප්‍රධාන තිරයේ සිට ඇප් හැසිරවීමේදී S pen සමග  පැමිනෙන පහසුව ඔවුන් නිවේදනය කර සිටියේ smart freedom ලෙසටයි.Dot , Circle , S search හා Box ලෙසින් හැසිරවීමේ නව පහසුකම් නම්කරන ඔවුන් Dot සමග ස්ක්‍රීනය මතට පහසුවෙන් මෙනුවක් කැදවන්නටත් (Air command නම් අර්ධ කවාකාර තොරාගැනීම් 5 ක් ඇති මෙනුවකි.) Circle ඔස්සේ යමක් පහසුවෙන් තොරා වෙන් කොට එක් තැනකට ගන්නටත් ,  S search ඔස්සේ උපාංගයේ  ඇති ඔනෑම ගොනුවක් පහසුවෙන් සොයා ගන්නටත් , S note ඔස්සේ දත්ත ගොනු පහසුවෙන් අනෙකුත් උපාංග හා හුවමාරු කරගන්නටත් , Multitasking ඔස්සේ එකම ඇප් පහසුවක් උවත් වෙනස් භාවිතාවක් දෙකක් සදහා එකවර ක්‍රියාත්මක කරන්නටත් , Box ඔස්සේ දෛනිකව භාවිතාවන ඇප් ක්‍රිඋආකාරකම් පහසුවෙන් තොරා ගන්නටත් හැකි වන බවටයි ප්‍රදර්ෂනය කරනු ලැබුවේ.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...