2013-09-28

"Free Unix!" අදහස 30 වන වසර සමරයි!!!!


 තොරතුරු ලෝකයට නව පනක් ගෙනෙන ඓතිහාසික සිදුවිමක් 1983 සැප්තැම්බර් 27දා සිදුවුනි. මෙදින  Richard Stallman විසින් "Free Unix!" සංකල්පය ගෙන ආ බවටයි සදහන් වන්නේ. නිදහස් මෘදුකාංග පිලිබද කථිකාව අරබමින් ඔහු පවසා සිටියේ ඔනෑම කෙනෙකුට නිදහසේ භාවිතා කල හැකි මෘදුකාංගය නිර්මානය කිරීම තමන් අරබන්නට බලාපොරොත්තුවන බවකි.ඒම ඇරබුම ඔස්සේ පියවර තැබූ Linus Torvalds විසින් 1991දී පෞද්ගලික පරිගණක සදහා  වන මෙහෙයුම් පද්ධතියක් වන  Linux නිර්මානය කල බවටයි සටහන් වන්නේ.Torvalds විසින් ගොඩනගන ලද kernel නැතිනම් මෙහෙයුම් පද්ධතියේ පදනම ඔස්සේ ගොඩ නැගුනු බොහෝ සංස්කරන අද වන විට ලොවපුරා විශාල පරිගණක ප්‍රමානයක ධාවනය වෙමින් ඇති බවටයි පිලි ගැනෙන්නේ. Linux Foundation  දල ලෙස පවසන්නේ 2005 සිට සැලකීමේදී 10,000 කට අදික පෞද්ගලික මෘදුකාංග සංවර්ධයන් මෙම Linux Kernel එක ඔස්සේ ගොඩ නැගුනු සංස්කරනයන් නිර්මානය කරමින්සිටින බවකි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...