2013-09-20

මයික්‍රසොෆ්ට් සදහා common app platform එකක් සැකසෙනු ඇත..

  මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති අතර එකම interface style එකක් ගෙන එන්නට වින්ඩෝස් 8 සමග කටයුතු කොට තිබුනා. එය ඔවුනගේ Windows, Windows Phone හා  Xbox මෙහෙයුම් පද්ධති සංස්කරන සමග දක්නට ලැබුනා.පලවන නවතම වාර්ථා පවසන්නේ එම ආයතන තමන්ගේ සියලු මෙහෙයුම් පද්ධති සදහා පොදු app ecosystem එකක අවශ්‍යතාවය දෙසට මේ වන විට වැඩියෙන් අවදානය යොමුකරමින් සිටින බවකි. ආයතනය ලගදීම මෙම common app platform එකක සදහා කටයුතු අරබන්නට සූදනම් වන බවයි හෙලිවී තිබෙන්නේ.ආයතනය තුල වෙන වෙනම ක්‍රියාත්මක වෙමින් තිබූ කොටස් එකම තලයකට ගෙනෙමින් එක් ආයතනයක් ලෙසට එක් පොදු ඉලක්කයක් සදහා තම තම කොටස්වල කටයුතු කිරීමේ නව වැඩ පිලිවල යටතේ මෙම කටයුත්ත වඩාත් පහසුවනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.පොදු එකම developer APIs සමග සියලු උපාංග වලට පොදු apps ගෙන එන්නට ගන්නා උත්සාහය භාවිතාකරන්නන් දෙසින් සැලකීමේදී ඉමහත් පහසුවක් වනු ඇති බවටයි විචාරනය වන්නේ.ආයතනය මෙහිදී පවසා ඇත්තේ වෙන වෙනම උපාංග ඔස්සේ ඒවාට ආවේනික වූ පහසු හැසිරීම් භාවිතාකරන්නාට ගෙනෙන ගමන්ම ඒවා අතර පහසුවෙන් පොදු පරිහරනයක් ගෙන ඒම තම අරමුනව ඇති බවයි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...