2013-09-29

ෆේස්බුක් දැන්වීම් වලදී භාවිහාකරන්නා වෙතට වැඩි අවධානයක්!!!!

  ෆේස්බුක් සමාගම තම අඩවිය තුලට පැමිනෙන්නන් සදහා වෙළඳ දැන්වීම් ගෙන ඒමේ ක්‍රමවේදයේ මද වෙනසක් වෙතට පිවිසෙමින් ඇති බවටයි පලවන නවතම තොරතුරු පවසන්නේ.වඩාත් භාවිතාකරන්නා දෙසට හැරෙමින් ආයතනය පවසන්නේ භාවිතාකරන්නාගේ කැමැත්ත මතද තම පි‍ටුව වෙත පැමිනෙන වෙළඳ දැන්වීම් පිලි බදව තීර්නය කරන්නට තමන් සූදානම් බවකි.භාවිතාකරන්නා යම් වෙළඳ දැන්වීමක් කෙරෙහි Likeකිරීමක් වැනි ධනාත්මක ප්‍රථිචාරයක් දැක්වන විට එවැනි දැන්වීම් වඩාත් ‍රැගෙන එන්නට මෙන්ම යම් විටක ඔවුන් යම් දැන්වීමකට Hide වැනි ප්‍රතිචාරයක් දක්වන විට එය හා එවැනි ආකාරයේ දැන්වීම් ඔහු වෙත යොමු නොකරන්නටත් මෙම නව වෙනස්කම් ඔස්සේ සිදුවනු ඇති බවටයි පවසන්නේ.ආයතනය වෙළදැන්වීම් කරුවන් සමගද වඩාත් සාර්ථක ක්‍රමෞපායන් සමග නිරන්තරයෙන් කටයුතු කරන මුත් මෙම නව වෙනස්කම් ඔස්සේ භාවිතාකරන්නා මතට යම්දුරක වැඩි සැලකීමක් යොමුකර ඇති බවටයි විචාරක මතය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...