2013-09-25

සඳුදා සිදුවූ ප්‍රමාදය ගැන ගූගල් කනගා‍ටුව පලකරයි!!!!!

  ගෙවී ගිය සඳුදා දිනයේ ගීමේල් භාවිතාකරන සමහරුන් වෙත අත්විඳින්නට සිදුවූ ප්‍රමාදයන් ගැන ගූගල් ආයතනය තම කනගා‍ටුව ප්‍රකාශ කර සිටිනවා. මෙදින ජීමේල් භාවිතාකරන්නන් වෙත තම ඊමේලයන් ලැබීමේදී සාමන්‍යය වේගයට වඩා ප්‍රමාදවීමත් සමහරවිටක එම ඊමේලයන් සමග තිබූ  attachments නොපැමිනීමත් වැනි කාරනා සලකමින් ඔවුන් මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.පැය 11කට ආසන්න කාලයක් පැවති මෙම දුර්වලතාවය පිලිබදව හේතු දක්වමින් ඔවුන් පවසන්නේ කලාතුරකින් සිදුවිය හැකි ආකාරයේ එකිනෙකට අසම්බන්දිත  network මට්ටමේ දුර්වලතා දෙකක් මෙයට හේතුවූ බවකි. තම භාවිතාකරන්නන් ගෙන් 1.5%  දෙපැයකට වඩා ප්‍රමාදයක් අත්විදුන්නට සිදුවූ බවත් 29% වන ප්‍රමානයක භාවිතාකරන්නන් හට තප්පර 2.5ක ප්‍රමාදයක් අත්විශින්නට සිදුවූ බවත් ඔවුන් පවසා සිටිනවා.එසේම ආයතනය වැඩි දුරටත් පවසාසිටින්නේ ඉදිරියේදී මේවැනි දුර්වලතාවයක් ඇති නොවන්නට අවශ්‍ය පියවර තමන් මේ වන විටත් ගෙන ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...