2013-09-04

Bill Gates නැවත පැමිනීමේ වැඩි ඉඩක්????

  වින්ඩෝස් 8 ඒතරම්ම සාර්ථකත්වයක් නොපෙන්වන මෙහෙයුම් පද්ධතියක් ලෙසට තවමත් පවතිනවා. වින්ඩෝස් 8.1 ලෙසට මෙගා ආකාරයේ යාවත්කාලීනයක් පැමිනෙන්නටද මේ වන විට දින වකවානු නියමවද තිබෙනවා.මයික්‍රසොෆ්ට් හි CEO තනතුර වෙනස් වීමේ පුවත පැමිනෙන්නේ මේ අතරතුරේදීයි. ආයතනයේ ගමන් මග මත යම් වරදක් සිදුවෙමින් පවතින බවට පිටතින් මෙන්ම අභ්‍යන්තරයෙන් වන දෝශාරෝපනයන් මෙම තත්වයේහිලා බලපාන්න ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.
       මේ අතර මයික්‍රසොෆ්ට් ඉදිරි හැසිරවීම් සදහා සුදුස්සෙකු පිලිබදව නෙක ආකාරයේ මතිමතාන්දර පවතීන අතර සමහරුන් යෝජනා කර සිටින්නේ මිල් ගේට්ස් මහත මේ සදහා වඩාත්ම සුදුසු පුද්ගලයා ලෙසටයි.දැනට පලවන තොරතුරු අනූව වින්ඩෝස් 10 ‍රැගෙන එන්නට නියමිත මහෙයුම් පද්ධති රටාවේ මීලග තීරනාත්මක හැරවුම වඩාත් හොදින් නිම වන්නට නම් යලිත් එතුමාගේ පැමිනීම වඩාත් වැදගත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.මේ වන විට වින්ඩෝස් 9 ආයතනය තුල නිර්මානය වෙමින් පවතින අතර වින්ඩෝස් 10 සදහා පිවිසෙමින් ඇති බවටයි වැඩි දුරටත් තොරතුරු හෙලි කරන්නේ. "ක්ලවුඩ්" ආකාරයේ මෙහෙයුම් පද්ධතියක ලෙසට බලාපොරොත්තුවන වින්ඩෝස් 10 භාවිතාකරන්නෙකුට කාලවකවානුවකට යටත්ව offline mode භාවිතාවක් ‍රැගෙන එනු ඇති බවටයි පැවසෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...