2013-09-28

Avast හි මීලග පෙර සංස්කරනයක් නිකුත්වේ(2014 RC1 Build 9.0.2003)

 මෘදුකාංගයක නව සංස්කරනය නිකුත්වීම යනු සමහරුන් විස්වාස කරන පරිදි හුදු වෙළඳ හෝ වෙනයම් පරිභාහිර කාරනාවක්ම ලෙසට හැම විටම නොසැලකිය යුතුය.විශේෂයෙන් ආරක්ශක මෘදුකාංගයකදී මෙම තත්වය වඩාත් වැදගත්වේ.ලොව පුරා නිරන්තරෙන් හානිකරයන් බිහිවෙමින් තිබේ. භාවිතාකරන්නාගේ ආරක්ශාව තහවුරු කරන්නට නම් එම ආරක්ශක මෘදුකාංග සමාගම්ද නිටන්තරයෙන් කටයුතු කරන්නට සිදුවේ. ඔවුන් සතු දැනට පවතින මෘදුකාංග ‍රැගෙන එන තාක්ශනික රටා ඉක්මවන නව හානිකරයන් බිහිවෙද්දී වඩාත් නවීනතම සංස්කරන වලට යන්නට ඔවුන සිදුවීම මෙම නව සංස්කරන පැමිනීමේලා එක හේතුවක්ද වේ. Avast ආයතනය මෙලෙස  භාවිතාකරන්නන් අතර විස්වාශය දිනගත් ආරක්ශක මෘදුකාංග සමාගමක් වන අතර ඔවුනගේ Avast Free සංකරන ලොව පුරා පරිගණක දහස් ගනනක භාවිතාවන ආරක්ශක මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ.
  ඔවුනගේ මීලගට නිකුත්වීමට නියමිත නව සංස්කරනයක බීටාවක් මේ වන විට Free Antivirus 2014 Beta 1 ලෙසට නිකුත්ව ඇති අතර  එහි පැමින ඇති නවාංග අතර DeepScreen technology සදහන් වේ. එය්දැනට භාවිතාවන AutoSandbox තාක්ශනයේ දියුනු කරන ලද යාන්ත්‍රනයක් ලෙසට පැවසේ.වැඩි දියුනු කරන ලද streaming update ඔස්සේ අන්තිම තප්පරය දක්වාම ඔබගේ ආරක්ශක මෘදුකාංගය සූදානම්ව තැබීමට වගබලා ගන්නා බවට ඔවුන්පොරොන්දුවේ.එසේම මෙමනව සංස්කරනයත් සමග පැමිනෙන SafeZone සමග බෑංකු කටයුතු වැනි අති ආරක්ශක කටයුත්තකදී ඔබගේ සහට එන අංගයක් ලෙසට හැදින්වේ.තවත් නවාංග කිහිපයක් සමග පෙර සංස්කරන වලදී හදුනා ගත් දුරවලතා කිහිපයක්ම සකසා පැමින ඇති මෙම සංස්කරනය බීට සංස්කරනයක් බැවින් ස්තීර සංස්කරනයන් නොවන මුත් හදාරන්නන් සදහා මෙන්ම අත්හදා බලන්නට ප්‍රිය කරන්නන් සදහ වඩාත් යෝග්‍ය වනු ඇති බව අමතක නොකල යුතුය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...