2013-09-13

"ගුවන් ගමනක අතරතුරදී 60Mpbs දත්ත සබඳතාවයක්" මග එනවා!!!!

  තොරතුරු ලෝකය සමග වන සබදතාවය අමතර පහසුවක ලෙසට සලකන්නට වන යුගයේ සිට නිරන්තරයෙන් අත්‍යාවශ්‍ය කාරනාවක ලෙසටස් සලකන්නට වන යුගය  පසුකරමින් සිටින්නෝ වෙමු. පසුගියදා පලවූ වාර්ථාවක පැවසුවේ භාවිතාකරන්නන් තම කාර්යාලයේදී හෝ නිවසේදී මෙන්ම ගමනක යෙදී සිටින විටකදී පවා හොඳ මට්ටමක අන්තර්ජාල සබදතාවයන් සැපයීම කෙරෙහි ආයතනන කිහිපයකම අවධානය යොමුව ඇති බවකි. එහිදී  වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ දුමරියක වැනි ගමනක යෙදී සිටියදී අකංඩව නිශ්චිත හොඳ වේගයකින් තොරතුරු සබදතාවයක් සැලසීමේදී සැටලයිට් ආශ්‍රිතව ගොඩනැගෙන සේවාවක පිලිබදව ඔවුන් හදාරමින් සිටින බවකි.
                      තවත් බහුල භාවිතාවක වන ගුවන් ගමන් අතරවාරයකදී වඩාත් හොඳ ආකාරයේ ඩත්ත සබදතාවයක් සැපයීමද මේ වන විට කථාබහට ලක්වෙමින් ඇති තවත් කාරනාවකි.Gogo ආයතනය පවසන්නේ ගුවන් ගමනක අතර වාරයේදී වඩාත් හොඳ Wi-Fi සේවාවක් වෙනුවෙන් තමන්  කටයුතු කරමින් සිටින බවකි.Ground to Orbit ලෙසට නම්කරන මෙම නව තාක්ශනය ඔස්සේ ඔවුනට දැනට භාවිතාකරන වේගය හා සැලකීමේදී හය ගුනයක වේගයක් සහිත සේවාවක් සැපයීමට හැකිවීමේ බලාපොරොත්තුවක් මේවන විට පල කරමින් තිබෙනවා.සැටලයිට් ඔස්සේ පැමිනෙන සබඳතාවයක් හා පොලව මතට වන සබඳ තාවයක මිශ්‍රනයක ලෙසට ගොඩනැගෙන මෙම නව සේවාව සමග තප්පරයකට මෙගා බිට් 60ක වේගයක් දක්වා වැඩිකර ගැනීමේ අවස්ථාව ඇති බව ඔවුන් පෙන්නුම් කර සිටිනවා. දැනට භාවිතාවන වන වේගය වන්නේ තප්පරයට මෙගා බිට් 9.8 වීම සැලකීම්මේදී මෙය සැලකිය යුතු ප්‍රගතියක් ලෙසටයි දක්වා සිටින්නේ.2014 වන විට මෙම නව භාවිතාව පැමිනෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...