2013-09-03

ක්‍රෝම් බ්‍රවුසරය වසර 5ක් පසුකරයි.

   වසර පහකට ප්‍රතම ගූගල් ආයතනය තම වෙබ් බ්‍රවුසරය හදුන්වාදෙන විට බොහෝ දෙනා එම බ්‍රවුසරය ගැන වැඩි බලාපොරොත්තුවක් තැබීමට කැමති නොවන සෙයාවක් දැක්වූහ. සෙයුම් යන්ත්‍ර නිපුනයෙකු වූ පමනින් බ්‍රවුසර අවකාශය තුල ඒතරම්ස්ථාවරයකට යන්නට හැකි වනු ඇති බව ඔවුන් විස්වාස නොකලහ.මේ වන විට තත්වය වෙනස් වී ඇත.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මෙන්ම ෆයර් ෆොක්ස් හා සෆාරී වැනි ප්‍රඪ්ජාන පෙලේ බ්‍රවුසර සගයන් අතරින් ගූගල් ක්‍රෝම් තම ස්ථාවරය හොඳින් තහවුරු කරගෙන ඇත.එපමනක්ම නොව බ්‍රවුසරයක හැකියා සිමාවන් වඩාත් පුලුල් කරමින් පූර්න මෙහෙයුම් පද්ධතියක් බ්‍රවුසරයක් තුලට ගොනුකරන්නට පවා උත්සාහ කරමින් සිටී.
                  මීට වසර පහකට පමන පෙර තම ප්‍රතම සංස්කරනය නිකුත්කල ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයේ මේ වාන් විට 29 වන සංස්කරනය නිකුත්ව ඇත.ආරම්භයේදී WebKit නම් rendering engine එක සමග තම ගොඩනැගීම සිදුකල අතර මේවන විට එහි වඩාත් දියුනුකල Blink නම් rendering engine එක මතට පැමින ඇති මෙම බ්‍රවුසරය iOS සදහා මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සදහා  ද තම සංස්කරන නිකුත් කොට තිබෙනවා. එසේම වින්ඩෝස් 8 සදහාද මෙට්‍රෝ සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා.තම බ්‍රවුසරය සියලු භාවිත තල මතට ගෙන එන්නට කටයුතු කරන ගූගල් ආයතනය ඉදිරියේදී බොහෝ නවාංග එය මතට එකතුකරනු ඇති බවයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...