2013-09-28

මොබයිල් සබඳතා තාක්ශනය බ්‍රෝඩ්බෑන්ඩ් සමග සමවීම නොහොත් 4G පැමිනීම

  හතරවන පරම්පරාවේ  මොබයිල් සබදතාවය 4G නමින් කෙමෙන් භාවිතයට පිවිසෙමින් ඇත. LTE ලෙසටද නම් කෙරෙමින් පිවිසෙමින් ඇති මෙම නව පරම්පරාවේ මොබයිල් සබදතාවය ලෝකයේ දියුනු නගරවල කෙමෙන් භාවිතය වැඩි වෙමින් පවතින්නක් ලෙසට පිලිගැනෙනවා. උපරිම download වේගය තප්පරයට මෙගා බිට් 40ක් ලෙසට වුවත් සාමන්‍ය අගය තප්පරයට මෙගා බිට් 8-10 අතර වන බවටයි ගනනය වන්නේ. upload වේගය සැලකීමේදී තප්පරයට මෙගා බිට් 15ක උපරිමයක් ගත හැකි වුවද සාමන්‍ය අගය තප්පරයට මෙගා බයිට 5-6ක් ලෙසටත් ගනනය වනවා.මෙම දත්ත්යන් 3G සමග සැලකීමේදී තෙගුනයක වේගයක් බවයි දැක්වෙන්නේ.එසේම latency නොහොත් සබදතා වේගය 3G හා සැසදීමේදී සියයට 30 සිට 40 දක්වා අඩුවීමක් මෙම නවතාක්ශනය සමග පැමින ඇති බවටයි සදහන් වන්නේ.එය මිලිතප්පර 100 සිට මිලි තප්පර 60 හෝ 70 අතර අගයක් ගන්නවා ඇත.
                                             3G තාක්ශනය හා සැසදීමේදී වඩාත් වේගවත් මෙන්ම ස්ථාවර සබදතාවය ‍රැගෙන එන මෙම තාක්ශනය packet-switching දත්ත හුවමාරු තාක්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් දත්ත හුවමාරුව් සදහා යොදා ගැනීමට වඩාත් හිතැති බවයි පිලිගැනීම වන්නේ. වරක් Nokia ආයතනය ක්‍රම උපායන් ඔස්සේ තප්පරයට මෙගා බිට් 163 දක්වා ඉහල නංවනට හැකියාව ප්‍රදර්ශනය කල අතර හදාරන්නන් පවසන්නේ අනාගත භාවිතාවට මෙම 4G LTE වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. 3G වලදීමෙන් හඬ හා දත්ත හුවමාරුව සදහා යොදගන්නට හැකි මුත් 4G දත්ත හුවමාරුව සදහා යොදා ගන්න තාක්ශනයක් බැවින් හඬ හුවමාරුවද දත්ත ගොනු ආකාරයට සිදු කිරීමට හෝ හඬ හුවමාරුව සදහා 3G තාක්ශනය භාවිතාකරන්නට සිදුවනු ඇති බවටයි පිලි ගැනෙන්නේ.මෙම තාක්ශනය දෙකම එකවර භාවිතාකිරිඅමේ අපහසුව ද මෙහිතී සැලකිල්ලට ගනිමින් තිබෙනවා.මෙගා බයිට් 500ක ගොනුවක් සදහා විනාඩි පහක කාලයක් තරම් වේගයක් ම් ගන්නා මෙම තාක්ශනය සදහා භාවිතාකරන්නා හට වන වැය ද අධික වනු ඇති.බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවයක වෙගය ‍රැගෙන එන මෙම නව පරම්පරාවේ මොබයිල් සබදතා තාක්ශනය ලෝකයේ අනාගත දත්ත හුවමාරු අවශ්‍ය තාවය සදහා විසඳුමක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...